Thursday, March 31, 2016

Son of Man



දේව පුත‍්‍රයා මනුසත් බව ගැනීම ඉතිහාසයෙන් ගලවා වර්තමාන සමාජ, දේශපාලනික හා සංස්කෘතික පොළොව මතට ගෙන ඒම Mark Domford-May විසින් අධ්‍යක්ෂණය කරන ලද  Son of Man සිනමා කෘතිය සමත්ව ඇත.

සිනමා කෘතිය ආරම්භ වන්නේ ජේසුතුමාව” (වත්මන් තරුණයාව) සාතන් පරීක්ෂාවට හසු කර ගැනීමට උත්සාහ ගන්නා සිදුවීමෙනි. බොහෝ විප්ලවවාදීන්වත්, විප්ලවීය ව්‍යාපාරත්, ධනවාදයේ නරුම බව විසින් විනාශ කර දමන වර්තමාන සමාජය තුළ, සැබෑ විප්ලවාදියාගේ භූමිකාව කෙබඳු විය යුතු ද යන්න ප‍්‍රශ්න කර ඇත. ජේසු තුමා අද සිටියා නම් ඔහු ගන්නා මග මේ යැයි පසක් කරමින් පවතින ක‍්‍රමයට එරෙහිව උඩුගම් බලා යන ක‍්‍රිස්තුවරයෙකු හා සගයන් පිරිසකගේ කතාවයි  Son of Man සිනමා කෘතිය.

බොහෝ බටහිර සිනමා කෘතිවල මෙන් මරි මවුන්ව තැන්පත් චරිතයක් බවට පත් කොට නොතිබීම මෙම සිනමා කෘතියේ තිබෙන විශේෂ ලක්ෂණයකි. ඇය අරගලකාරීය, සංවිධාන ශක්තියෙන් පොහොසත්ය. අසාධාරණයට එරෙහිව අරගල කරන්නියකි.

ක‍්‍රිස්තියානි සභාවන් ගිහියාව වත්පිළිවෙත් තුළ සිරකොට සභාව නමැති ආයතනය ගොඩනගමින් ඒ තුළම මියයමින් සිටින මොහොතක Son of Man සිනමා කෘතිය අපට වැදගත් වන්නේ ධාර්මික හරයන් ඉස්මතුකොටපීඩිත ගිහියා වෙනුවෙන් සභාව හා පූජකයින් කැප විය යුතු බව ඉස්මතු කර පෙන්වීමයි.


ධනවාදයේ නරුම බව තුළින් තුන්වන ලෝකයේ රටවල් පීඩාවට පත් කරන සමයක ඊට එරෙහිව අරගල කිරීම හැර අන් මගක් ඉතිරිව නොමැත. වඩාත් ඉස්මතු වන කාරණය වන්නේ මෙම අරගලය තුළ දී ගිහියා හුදෙකලා වීමයි. පූජකයින්, සභා නායකයින්, පීඩකයාගේ වරදාන වලට යටත්ව මුනිවත රැකීමයි.


No comments:

Post a Comment

කිතුසරට එක් කරන ඔබේ ස්වර...