Friday, March 18, 2016

පේ‍්‍රමයේ රාජ්‍යය ගොඩනැගිය හැකියි



පේ‍්‍රමයේ රාජ්‍යයක් ගොඩනැගිය හැකිය යන්න අප පිළිගත්, අප අදහන සත්‍යයි. ඒ සත්‍ය තුළ ස්ථිරසාරව සිටින්නට අපට ආලෝකය සපයන්නේ ගැලවීමේ ඉතිහාසය හා ශුද්ධ ලියවිල්ලයි.

පේ‍්‍රමයේ රාජ්‍ය සඳහා මූලික පියවරක් වන්නේ සමාජය තුල දේව සාධාරණත්ව ඉටු කිරිමයි. දේව සාධාරණත්වය ඉටු කරන මිනිසුන් බවට පත් වීමයි.

ක‍්‍රිස්තුස් වහන්සගේ පේ‍්‍රමයේ පනිවුඩයට පේ‍්‍රමයේ පැවැත්මට පෙරමඟ සූදානම් ක ස්නාවක ජුවාම් තුමා ඉතා බරපතල ආකාරයට අවධාරය කළේ එකි දේව සාධාරණත්වය හා දේව යුක්තිය සමාජය තුළ ඉටු කිරිමේ අවශ්‍යතාවයයි.

අඳන දෙකක් ඇති අය නැති අයට දෙත්වා, කෑම ඇති අය කෑම නැති අයට දෙත්වා, කිසිවෙකුගෙන් බලහත්කාරයෙන්වත්, බොරු චෝදනා නැගීමෙන්වත් කිසිවක් පැහැර නොගන්න. නියමිත පමණට වැඩියෙන් බදු අය නොකරන්න

පේ‍්‍රමයේ පැවැත්මෙන් ලබන විමුක්ති මඟ දැකිමේ පළමු පියවර වන්නේ ඉහතින් සඳහන් කල සාධාරණත්වය යුක්තිය ක‍්‍රියාවට නැංවීමයි.

සියලූ කඳුරැළි පුරවනු ලැබේ. සියලූ කඳුහෙල් සමතලා කරනු ලැබේ. සියලූ වංගු ඇද හරිනු ලැබේ. රළු මාවත් මට්ටම් කරනු ලැබේ

මේ ව්‍යාංගර්ථවත් බසින් පවසන්නේ දේව සාධාරණත්වය ය. සමාජයේ පවතින ආර්ථික විෂමතාවයන් නිම කොට සාධාරණත්වය, යුක්තිය සමානතාවය ගොඩනැගීමයි.

මෙහිදි අඳනා දෙකක් ඇති අය නැති අයට දේවා යන ප‍්‍රකාශය හුදෙක් ඇඳුමක් තව කෙනෙකුට දීම පිළිබඳ කාරණාවක් නොවන බව අප වටහාගත යුතුය. එය දයාවේ කි‍්‍රයාවක් නොවේ. එය සාධාරණයේ ක‍්‍රියාවකි. සිත් හෑරිමකි. වැරැුද්දක් නිවැරදි කිරිමකි.

කෙනෙකුට දෙකක් තිබෙන්නේ (වැඩිපුර තිබෙන්නේ) තව කෙනෙකුට එකක් අහිමි වීම නිසාය. හෙවත් තව කෙනෙකුගේ දෙයක් අයිතිකර  ගැනීම නිසාය. අඳනා දෙකක් ඇති අයකු අනෙකාට දෙත්වා යනු අයිතිය ආපසු දීමකි.

අද ලෝකය තුළ කුසගින්නේ දහස් ගණන් මැරෙන්නේ ආහාර නැති නිසා නොවේ. දහස් ගණනකට ප‍්‍රමාණවත් ආහාර අපතේ හරින නිසා හා පිරිසකගේ අධිපරිභෝජනය නිසාය. දේව සාධාරණත්වය දේව යුක්තිය ඉටු කිරිමෙන් පේ‍්‍රමයේ රාජයයක් බිහිකරගත හැකිය.

2016 ජනවාරි - පෙබරවාරි

No comments:

Post a Comment

කිතුසරට එක් කරන ඔබේ ස්වර...