Friday, March 18, 2016

ටෙනිස් තරුව - ලී නා LI NA




රෙජමේන්තුගත චීන කොමියුනිස්ට් පාලනයට අභියෝග කළ  
ටෙනිස් තරුව ලී නා LI NA

චීනය ඔවුන්ගේ ආර්ථික දේශපාලනික සංස්කෘතික හා සමාජීය සංවර්ධනය වෙනුවෙන් දැඩි රෙජමේන්තුගත පාලනයක් පවත්වාගෙන යනු ලබන බව පැහැදිලි සත්‍යයකි. ඔවුන්ගේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දුගී දුප්පත් ශ‍්‍රමිකයින් මිලියන ගණනක් සොච්චම් වැටුපකට සූරා කෑමට ලක් වන්නාහ. බොහෝ විදෙස් සමාගම් රාශියක් ලාභදායී ශ‍්‍රමය සොයා චීනයට ඇදෙන අතර, එයට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීමට චීන රජය කිසිවිට පසුබට නොවේ. එම ආර්ථික සංවර්ධනය ඉදිරියේ පාරිසරික විනාශය ද වායු ¥ෂණය ද ඉතා ඉහළ යමින් තිබේ.
එලෙසින්ම ලෝකය තුළ බොහෝ ජනතාව පරිහරණය කරන අන්තර්ජාල පහසුකම් චීන කොමියුනිස්ට් යැයි කියා ගන්නා රජයේ දැඩි උදහසට ලක් වී ඇති අතර බොහෝමයක් වෙබ් අඩවි වලට පිවිසීම සපුරා තහනම්ය. රජය විවේචනය වන අයුරින් කිසිවක් අන්තර්ජාලය තුළ පළ කිරීමද සපුරා තහනම් වෙයි. මේ සැම මෙන්ම ක‍්‍රීඩා ලෝකය තුළ රන් පදක්කම් හඹා යෑමේ අමානුෂික තර`ගකාරිත්වයද කථා නොකරම බැරිය. 

පසුගිය ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ඇමරිකාව ප‍්‍රමුඛයා වුවද අවසානය තෙක් එම අවස්ථාව රැඳී තිබුණේ චීනයේ දෑ`ගිලි මතය. ලෝක බලවතා වීමේ සිහිනයෙන් පෙළෙන රටවල් අතර චීනයද මේ වන විට පෙරමුණේ සිටින හෙයින් ක‍්‍රීඩාවෙන්ද ලෝක බලවතා වීමට චීනය ගන්නා උත්සාහය සුළු පටු නැත. එම උත්සාහය එක් අතකින් ශෝචනීයය. අනෙක් අතට ජුගුප්සාජනකය. අවු. 4-5 වයසේදී දරුවන් ජිම්නාස්ටික් ක‍්‍රීඩාවට ඩැහැ ගැනීමක් සිදුවන අතර ඔවුන් දඩයම් කිරීමේ මෙහෙය වනුයේ චීන කොමියුනිස්ට් ආණ්ඩුවට අයත් ක‍්‍රීඩා පාසැල්ය. යම් හෙයකින් එලෙස ක‍්‍රීඩා පාසැල ස`දහා තෝරා ගන්නා ළමයෙකුගේ ළමා කාලය එතැනින්ම අහවරය. ඔවුන්ට දෙමව්පියන් අහිමිය. නිවෙස අහිමිය.  ඕනෑම ශාරීරික වද වේදනාවක් දරා ගත යුතුය.
චීනය තුළ ඔලිම්පික් පෙරළිකාරියක් වූ පිහිනුම් ක‍්‍රීඩිකා යේ ෂිවෙන් ගේ මව මෙලෙස කීවාය. අධික වෙහෙසක් හා අනුකම්පා විරහිත පුහුණුවීම් අතරතුර එක් දිනක් ඇය අපට කථා කළා. නමුත් අපට කියන්නට කිසිවක් ඇයට තිබුණේ නැහැ. ඇය කළේ ඒ කාලය පුරාම දුරකථනයෙන් අ`ඩපු එකයි.
කුඩා දරුවන්ගේ ක‍්‍රීඩා පුහුණුවීම් පිළිබ`දව කථා කරන විට ලී නා නම් වූ අපගේ කථා නායිකාව පිළිබ`දවද කීමට ඇත්තේ තවත් එක් අනුවේදනීය කථාන්දරයකි. 1982 පෙබරවාරි 26 චීනයේ වූහාන් නම් ග‍්‍රාමයේ උපත ලද ලී නා කුඩා කායේ සිටම බැඩ්මින්ටන් ක‍්‍රීඩාවට ඇළුම් කළේ ඇගේ පියාද බැඩ්මින්ටන් ශූරයෙකු වූ නිසාමය. ලී නාට යම්තම් අවු. 5 ක් පිරෙනවාත් සම`ගම වූහාන් කනිටු විදුහලේ ගුරුවරු දෙදෙනෙකු සම`ග කොමිනිස්ට් බලධාරින් රොත්තක් ඇගේ පියා හමුවීමට ආහ. ලී නා ටෙනිස් ක‍්‍රීඩිකාවක් ලෙස ජීවිතයේ ඉදිරියට යෑම ස`දහා ඇය රැගෙන යෑමට පැමිණි බව කී ඔවුන් ඇයව කාන්තා නේවාසිකාගාරය වෙත යැවීමට ක‍්‍රියා කළහ. මුවේ කිරි සුව`ද පවා නොගිය මේ සි`ගිත්තිය තම දෙමව්පියන්ට මුණ ගැසීමට ඉඩක් ලැබුණේ සතියකට එක් වතාවක් පමණි. සතියේ දින 5 ක් ක‍්‍රීඩා පුහුණුවීම් එක දිගට යොදා තිබුණි. මව්පිය සෙනෙහස අහිමි වීම බරපතල හා වෙහෙසකර පුහුණුවීම් නිසාම ටෙනිස් ක‍්‍රීඩාව කෙරෙහි මහත් අපුලක් ලී නාට දැනෙන්නට විය. නමුත් කළ හැකි අන් කිසිවක්ද නොවූ තැන ඇය රොබෝ කෙනෙකු මෙන් ටෙනිස් පුහුණුවීම් වල යෙදුණාය.
 
ළමුන්ට සරිලන ටෙනිස් පිති එහි නොවිනි. එහෙයින් කුඩා ලී නාට ද සිදු වූයේ වැඩිහිටියන්ගේ රැකට් වලින් පුහුණු වීමටය. ඒ නිසා ඇගේ දෑතේ කරගැට මතු විය. පහසුකම් සහිත ක‍්‍රීඩා තීරු නොවූයෙන් බොහෝ විට බිම වැටී ඇයට තුවාල සිදු විය. එවන් තුවාල ඇගේ දණහිස් මත සුලබ විය. ඇගේ පුහුණුකරු වූයේ යූ ලිකියෝය. කොතරම් හො`දින් ක‍්‍රීඩා කළත් ඔහු ලීනාගේ හො`දක් දුටුවේම නැත. ඔහු ඉතා සැරපරුෂ පුද්ගලයෙකු විය. මෙවන් දැඩි හා අමානුෂික පුහුණුවීම් ඔස්සේ පැමිණි ලීනා වයස අවු. 14 වන විට ටෙනිස් වලින් නමක් දිනා සිටි බව සත්‍යයකි. 

නමුත් දකුණු චීනයේ ටෙනිස් තර`ගාවලියකට සහභාගි වී සිටියදී තම පියා හෘදයාබාධයකින් මිය ගිය පුවත පවා බලධාරීන් ඇගෙන් වසන් කළේ තර`ගාවලිය පරාද විය හැකියයි සිතූ හෙයිනි. ඇය තර`ගාවලිය ජයගත් පසු ඔවුන් එය ඇයට කිව්වද ඒ වන විට තම ආදරණීය පියාගේ මළගමට සහභාගි වීමේ අවස්ථාව පවා ඇයට අහිමි ව තිබිණි. ආදරය හා මානුෂීය හැ`ගීම් නොහ`දුනන කොමියුනිස්ට් පාලකයින් විසින් පවත්වාගෙන යනු ලබන දැවැන්ත ක‍්‍රීඩා යන්ත‍්‍රයේ කුඩා ඇණයක් බවට ඇය පත්ව ඇතැයි ඇයට හැ`ගුනේ එදාය. කෙසේ වෙතත් වයස අවු. 18 සපිරෙත්ම චීනයේ අංක එකේ ටෙනිස් ක‍්‍රීඩිකාව ලෙස ලී නා නම් කෙරෙන අතර එතැන් පටන් ජාත්‍යන්තර තර`ගාවලින්ට සහභාගි වීමට නොම`දව අවස්ථාව ලැබිණි. 2000 වසර තුළ පමණක් ජාත්‍යන්තර ටෙනිස් ෆෙඩරේෂණය සංවිධානය කළ කේවල තර`52 ක්ම ජය ගැනීමට ලී නා සමත් වූවාය. නමුත් අසනීප අවස්ථාවක පවා තර`ගාවලියෙන් මිදීමට ඇයට කිසිදු ඉඩක් බලධාරීන් විසින් ලබා නොදුන් නිසා ඇය වි`දි පීඩාව අපමණය. එවන් අවස්ථාවලදී ඇය කොමිනියුස්ට් බලධාරින්ට අභියෝග කළාය. මිශ‍්‍ර ද්විත්ව තර`ගාවලියේ ඇයගේ හවුල්කාර ක‍්‍රීඩකයා වූයේ මේ වන විට ඇගේ සැමියා වූ ජියැන් ෂාන්ය. 

නමුත් බලධාරින් මොවුන් දෙදෙනා පෙම්වතුන්ව සිටි සමයේ ඔවුන් වෙන් කිරීමට දැරූ උත්සාහයටද ඇය අභියෝග කළාය. බලධාරින්ගේ මුහුණටම ඇය කීවේ අපි ලේ මස් නහර හා හැ`ගීම් සහිත මිනිස්සු මිසක උඹලාගේ දාම් ලෑල්ලේ එහා මෙහා ඇදෙන ඉත්තන් නොවේ. ඒ නිසා අපිට එකට සෙල්ලම් කරන්න ඉඩ දෙන්නේ නැතිනම් අපි නියත වශයෙන්ම ප‍්‍රාන්ත කණ්ඩායමෙන් ඉවත් වෙනවා. කියාය. එසේ කියා තම ටෙනිස් පිත්ත හා ක‍්‍රීඩා හැ`දුනුම්පත ආපසු බලධාරින්ට භාර දුන්නා පමණක් නොව ජාතික කණ්ඩායමෙන් හා ප‍්‍රාන්ත කණ්ඩායමෙන් ඉවත් වන බව දන්වා ලිපියක්ද දුන්නාය. එය පාලනාධිකාරිය වෙත එල්ල කළ බලවත් අතුල් පහරක් විය. ඉන්පසු තම පෙම්වතා සම`ග වූහාන් විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක් දිනා ගත් ලී නාට නැවත 2004 දී ජාතික ක‍්‍රීඩා බලධාරින්ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන් කියා සිටියේ ඔබ කැමති ආකාරයට නිදහසේ ටෙනිස් ක‍්‍රීඩා කිරීමට අවකාශය දෙන්න අපි සූදානම් නොපමාව ජාතික කණ්ඩායමට ඇතුළු වන ලෙසය. ජාතික කණ්ඩායමේ අනෙක් ක‍්‍රීඩිකාවන් සම`ග සස`දන විට ලී නා යනු බැටළුවන් අතර සිටින උස් කොන්දක් සහිත ඔටු දෙනක් බව ජාතික පුවත්පත් ඇගේ ඍජු භාවය පැසසුමට ලක් කළේය.
බීජිං ඔලිම්පික් උළෙලේ අවසාන තර`ගයට තේරී පත් වූ ඇය රුසියානු ක‍්‍රීඩිකාව අභියස පරාජයට පත් වූවාය.  ඕනෑම ජාත්‍යන්තර තර`ගයකින් පසුව මාධ්‍ය අභියස තම අදහස් ප‍්‍රකාශ කිරීම සියළු චීන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සපුරා තහනම් වූ අතර ඔවුන් කිව යුතු වූයේ “චීනය ශ්‍රේෂ්ඨයි. මව්බිමට ජයවේවා. යන්න පමණි. නමුත් ඇය ඉංග‍්‍රීසි බසින් නිදහසේ අදහස් ප‍්‍රකාශ කළේ මෙම නීති රීති තුට්ටුවකටවත් මායිම් නොකරමිනි.

කුඩා කළ සිටම ඇයව ටෙනිස් ක‍්‍රීඩාව ස`දහා සූදානම් කළ මව්බිම හා චීන කොමියුනිස්ට් ආණ්ඩුව ගැන ප‍්‍රශංසා මුඛයෙන් කථා නොකිරීම ඇගේ බරපතල දුර්වලකමකැයි කියූ හා ලියූ මාධ්‍යවේදීන්ට ඇය කීවේ මෙවන් දෙයකි.  තර`ග දිනීමෙන් පසු අපට ලැබෙන ත්‍යාග මුදලින් 8% ක් පමණක් ක‍්‍රීඩකයන්ට ලබා දෙන එමෙන්ම මාගේ පියාගේ මළගමටවත් සහභාගි වීමට ඉඩ නොදුන් ආයතනයක ගුණ වනන්න මම සූදානම් නැහැ. රජයේ රූකඩයක් වීම මා තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. එහි ප‍්‍රතිඵලයක් වූයේ 2008 බීජිං ඔලිම්පික් උළෙලින් පසු ඇය නැවත ජාතික කණ්ඩායමෙන් ඉවත් වීමයි. එසේ ඉවත් වන විට ඇගේ වත්කම්වලින් 65 ක්ම රාජසන්තක කිරීමට චීන කොමියුනිස්ට් රජය කටයුතු කළේය.

- ජූඩ් ්‍රේමන්
2016 ජනවාරි - බරවාරි 

No comments:

Post a Comment

කිතුසරට එක් කරන ඔබේ ස්වර...