Sunday, June 19, 2016

ඇදහිලිවන්තයෙකුගේ කටු සටහන්




අඩු වයස් ගැබිනි මව්වරු 24,000 ක්

සෑම වසරකම ලංකාවේ අඩු වයස් ගැබිනි මව්වරු 24,000 ක් හමුවන බව සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනයක සඳහන් විය.

මේ නව යොවුන් මව්වරුන්ගේ ජීවිත මෙන්ම ඔවුන් බිහි කරන දරුවන්ගේ ජීවිතද අප සමාජයේ බේදවාචකයකි. නමුත් ඒ පිලිබඳ සමාජ අවධානය ඉතා අඩුයි.

මේ මව්වරු මෙන්ම ඔවුන්ගේ දරුවන්ද නඟා සිටුවීමේ වගකීමක් විශේෂයෙන් ආගමික අංශ පවරාගත යුතුය. අනිත් අතට වඩා වැදගත් වන්නේ එවැනි ගැබිනියන් බිහි වීම වැලැක්වීමට කටයුතු කිරිමයි.

අප නිතර අවධාරණය කරන කිතුනු සභාවන්ගේ නව යොවුන් දූත කාර්යයමේ වෙත යොමුවිය යුතුය. නමුත් අවාසනාව වී ඇත්තේ සභාවන් මේ පිළිබඳ උදාසීනව කටයුතු කිරිමයි.

ඉටි මැයි මංගල්‍යය

ගිය වසරේ මැයි මාසයේ අවසාන ඉරිදා අප කළුතර සිට මීගමුව බලා ගියේ සාකච්ඡා වටයකට සහභාගී වීමටය. පෑලියගොඩ සිට මීගමුව දක්වා ප‍්‍රධාන පාරේ තැනින් තැන මඟ දෙපස සුදු හා නිල් ඉටිකොල සැරසිලි කිලෝමීටර් ගණනාවක් පුරා දැකිය හැකි විය. ඒ මැයි මංගලයය උදෙසාය.

පරිසරයට විශාල විනාශයක් කරන ඉටි කොල භාවිතා කරමින් දේව මාතාවන්ට ගරු කළ හැකිද? විශේෂයෙන් කතෝලික සභාව දේව මාතාවන් සොබාදහමේ රාජිණිය ලෙස සලකයි. ඉතිං සොබාදහම වනසන සැරසිලි වලින් සොබාදහමේ රාජිණියන් සතුටු වේද?

අපගේ හෘද සාක්ෂිය වඩා ගැඹුරට මෙහෙයවීම අත්‍යවශ්‍ය වන්නේ එසේ නොවන විට අප ගරු කිරිම යැයි සිතා නිගරු කිරිම සිදු කරන්නන් බවට පත්වන බැවිනි. සුදතුම් පියතුමා සොබාදහම ගැන විශ්ව ලේඛනයක් නිකුත්කර ඇති මේ වසරේවත් මේ ගැන සිතා කි‍්‍රයාකිරිමට යොමු විය යුතුය.

ටි‍්‍රනිටි ආදර්ශය

එච්. අයි. වී. ඒඞ්ස් රෝගය වැලදි ඇති නිසා පාසලට ඇතුලත් කර තැනත්තා නොගන්නා ලෙස ප‍්‍රදේශවාසින් බල කිරිම නිසා පාසල අහිමි වු කුලියාපිටියේ දරුවා ගැන ආන්දෝලනය දැන් පරණ කතාවකි.

ධර්ම ද්වීපයේ අධ්‍යාපන ඇමති ගේ සිට බොහෝ සත් ගුණවත් පුරවැසියන්ගේ නිරුවත ඉන් මනාව පැහැදිලි විය. මිල මුදල් මිස මිනිස්කම් වටිනාකම් ලෙස නොගන්නා බවට නිතර දෝෂ දර්ශනයකට ලක්වන කිතුනු ආගමික පෞද්ගලික පාසල් පද්ධතියේ පාසලක් මේ අඳුරු වලාවේ රිදි රේඛාවක් වීම ගැන සටහනක් තැබිය යුතුමය.

මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය එම දරුවා තම පාසලට බාර ගැනීම ප‍්‍රශංසනීය කටයුත්තකි. මේ පිලිබඳ බොහෝ ජනමාධ්‍ය වාර්තාවල එය කතෝලික පාසලක් ලෙස සටහන් කෙරුනි. බොහෝ අවස්ථාවල තම නම ගැන ප‍්‍රකාශ නිකුත් කරන කතෝලික සභාව මෙවර ඒ පාසල අපේ නොවේ යැයි ප‍්‍රකාශ නොකෙළේය. ති‍්‍රත්ව විද්‍යාලය ලංකා සභාවට අයත් පාසලකි. පසුගිය කාලයේ යම් යම් පරිපාලන ප‍්‍රශ්නද එහි ඇති විය. නමුත් මෙහිදි ඔවුන් පෙන්වූයේ සැබෑ කිතුනුකමය. එය අගය කළ යුතුය. ඒ සඳහා පාසල පෙළඹ වු ආදි සිසුන්ට එහි මූලික ගෞරවය හිමි විය යුතුය.

ජනමාධ්‍යයේ කිතුනු භූමිකාව

ගෙවුනු මාසය තුළ මෙරට කතෝලික ජනමාධ්‍යයේ මුල් පුටු ගණනාවක් වෙනස් විය. මේ වෙනස්වීම් සිදුවන මොහොත ජනමාධ්‍යයේ භූමිකාව ගැන ලාංකිය සමාජය තුළ උණුසුම් කතා බහක්ද පැවැතුනි. එහෙත් කිතුනු ක්ෂේත‍්‍රය තුළ එවැනි කතාබහක් නැති තරම්ය. ඒ සඳහා වුවමනාවක් ද කිසිවෙක් පෙන්නුම් නොකරයි. 

කෙසේ වෙනත් ප‍්‍රැන්සිස් සුදතුම් පියා ලෝක ජන සන්නිවේදනය දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවිඩයෙන් එවැනි කතිකාවකට මඟ පෙන්වීමක් කර තිබුණි.

දයා කරුණාවෙන් තොර සන්නිවේදනය සැබෑ සන්නිවේදනයක් නොවන බව එතුමාගේ පණිවිඩයේ යටි පෙළ අරුතයි. විශේෂයෙන් වත්මන් ලාංකේය සමාජ යථාර්ථය තුළ කිතුනු සන්නිවේදනයේ භූමිකාව කුමක් විය යුතුද යන්නට මනා යොමුවක් ඒ ප‍්‍රකාශය තුළ ඇත. නව මුල් පුටු දරන්නන්ගේ අවධානය ඒ වෙත යොමු විය යුතුය.

ඒ වනාහි සංහිදියාව පිණිස සන්නිවේදනයේ  දූත කාර්යයි. 

 ‘‘වෛර ප‍්‍රකාශ දිරිමත් කරමින් පුද්ගලයින් හා ජාතින් උගුලෙහි හසුකරගන්නා පළිගැනීමෙන් බේරීමට අපගේ වචනය හා ක‍්‍රියා හැම දෙනාටම උදව් විය යුතුය. කිතුනුවන්ගේ වචන එක්සත්කමට සංහිඳියාවට දිරි දෙන ඒවා විය යුතුය. තුවාල වූ සබඳතා සුවපත් කිරිමටද පවුලේ හා සමාජ සාමය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමටද දයා කරුණාවේ බලය යලි සොයා ගැනීමටද මම ඇරයුම් කරමි’’

බලලෝභි දේශපාලකයින්ගේ නිසරු කෝලම් වලින් වසා දමන ශී‍්‍ර ලංකාවේ ජාතික ප‍්‍රශ්නය ගැඹුරින් ඇමතිමේ දූත කාර්ය පෙරට ගැනීමට කිතුනු සන්නිවේදකයින් පෙරට ආ යුතුය.

පිලිපීන මැතිවරණය

ආසියාවේ වැඩිම කතෝලික ජන ගහනයක් සිටින රට වන පිලිපීනයේ මැතිවරණය නිමාවූයේ මැතිවරණ දිනයේදි 11 දෙනෙකුට ජීවිතය අහිමි කරමිනි. පිලිපීනයේදි දේශපාලනයට කතෝලික සභාවේ බලපෑම අති විශාලය. මැතිවරණයට පෙර ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම රදගුරුවරු සැකසු ගිවිසුමකට අත්සන් තැබුවේද, ඒ බව සනාථ කරමිනි. අපේ රටේ පාලකයින් නමින් බෞද්ධ වුවාට පැවැත්මෙන් බෞද්ධ නොවන්නා සේම පිලිපීන පාලකයින්ද නමින් කිතුනු වුවාට පැවැත්මෙන් කිතුනු නොවේ.

මෙවර මැතිවරණයේදි කැපි පෙනුනු සිදුවීමක් වුයේ කතෝලිකව මීට වසර ගණනාවකට පෙර බලයෙන් පහ කළ කුප‍්‍රකට ඒකාධිපති මාකොස්ගේ පුත‍්‍රයාට කතෝලිකයින් හා සංවිධාන රාශියක් සහය පල කිරිමයි. විශේෂයෙන් කැරිස්මැටික් කණ්ඩායම් හා ගබ්සා විරෝධි කිතුනු කණ්ඩායම් ඔහුට සහය පල කර ඇත. ගබ්සාවට විරුද්ධ නම් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතිය සාධාරණය රටේ සම්පත් ගබ්සා කරන අයෙකුට වුවද සහය දෙන අන්ධ බව මෙහිදි ඉස්මතුව ඇති බව පෙනීයයි.

කිතුසර දායකත්වය

වාර්ෂික මුදල එකවර දෙමින් කිතුසරට දායක වීමට අප කල ආරාධනාවට යහපත් ප‍්‍රතිචාර ලැබීම දිරියකි.

ඇත්තටම නොදකින පැති ගොඩාක් දකින්න පත්තරය උදව්වක් හැකි තරම් දෙනෙකු අතට පත් කරන්න. මවක් අපව දිරිගන්වමින් කියුවාය.

පත්තරේ ලැබුනේ නෑ. එවන්න. පියතුමෙකු අප ඇමතුවේය.

අපට ඔය විදිහට ලියන්න බෑ. සීමා තිබෙනවා. ඒත් පත්තරය අවශ්‍යයි. කිතුනු ජනමාධ්‍යවේදියෙකු ලියා එවා තිබුණේය.  

සමාජ ආරණ්‍ය ජීවිතයක පරමාදර්ශය යොහාන් දේවනන්ද පියතුමා





සමාජ ආරණ්‍ය ජීවිතයක  ආදර්ශයක් වූ පූජකයා යොහාන් දේවනන්ද පියතුමා

ඔහු උපත ලැබුවේ ලංකාව නිදහස ලැබීමට වසර විස්සකටත් පෙරය. එනම් 1928 මැයි 31 වෙනිදාය. ඒ කොළඹ දීය. අද ධර්මපාල මාවත නමින් හැඳින්වෙන පෙදෙසේය. පියා නීතිඥයෙකු වූ පී. එල්. කුරේ ය. ඔහු බෞද්ධයෙකුව සිට පසුව කි‍්‍රස්තියානිය වැළඳගත්තෙකි. මව බැතිමත් ඇංග්ලිකානුවෙකි නමින් ලූවිස් පීරිස්ය. 

අට දෙනෙකුගෙන් යුතු පවුලක සත්වැන්නා ලෙස ඉපදුනු ඔහුගේ බෞතිස්ම නාමය ජෙරාඩ් ලයනල් ජෝන් කුරේය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප් සතර හැදෑරු ඔහු තුළට දේවගැතිවරයෙකු වීමේ මුල් බීජය දැමුවේ ආච්චි අම්මාය. මවගේ පියා වන ශී‍්‍රමත් ජේම්ස් පීරිස් මිය යන විට අවුරුදු දෙක තුනක් පමණ වූ යොහාන් දුකින් තැවෙන ආච්චි අම්මාගේ ඔඩොක්කුවට ගියේය. ආච්චි ළගම දැවටුනේය. ආච්චි තම සැමියාගේ වියෝවෙන් පසු මේ කුඩා මුණුබුරාට වඩාත් ආදරය කළාය. 

කෙළිලොල් යෞවනයෙකුව 

නව යොවුන් වියට එළඹීමත් සමඟම රාජකීය - සා. තෝමස් මහ කි‍්‍රකට් තරඟයට කී‍්‍රඩා කරන කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු බවට රූපාන්තරණය වූ යොහාන්ගේ ලෝකය පිරී තිබුනේ කි‍්‍රකට් පි‍්‍රය කරන තරුණ සංස්කෘතියෙනි. ‘‘මගේ දරුවෙක් පූජකයෙකු වෙනවා දකින්නට කැමැතියියනුවෙන් අම්මා පවසන විට යොහාන් ඇතුළු සොහොයුරෝ සිනාසුනෝය. මන්දයත් මේ කෙළිලොල් යෞවනයේ පූජක දිවියවන් නිවුනු දිවියක් සිහිනෙකුදු අපේක්ෂා නොකල නිසාවෙනි.

‘‘ඒ දවස්වල ඉතිං කි‍්‍රකට් වලින් පුංචි ජනපි‍්‍රයත්වයක් තිබුණා, මට කොහොමත් බිෂොප් විද්‍යාලයේ ගැහැණු ළමයි ගැන හොඳ ඇහැකුත් තිබුණා. ඒ කාලේ ඉතිං ටේස්ට් කි‍්‍රකට්නේ. මම ඔපනින් බැස්ට්මන් මට කිව්වේ තට්ටු කුරේ කියලා. බිග්මැව් එකේදී රාජකීය ජයග‍්‍රහණය සඳහා නොදැවී ලකුණු 64 ක් ගැහැව්වා.

නව යෞවනයේදී යොහාන්ට පියා ගැන එතරම් ගරුත්වයක් නොවීය නමුත් ඔහු තාරුණ්‍යයට පා නගන කල පියා තුළ වූ සුවිශේෂි ගුණාංග කීපයක් හඳුනාගැනීමත් සමඟ පියා පිළිබඳ ඔහුගේ ආකල්ප වෙනස් විය. යොහාන්ට වැඩිමහලූ එක් සොයුරෙකු මන්ද මානසික හා සිහිවිකල් ගතියකින් පසුවිය. නමුත් තාත්තා අසීමිත ලෙස ඔහුට සෙනෙහස පෑවේය. එසේම ආර්ථික ප‍්‍රශ්න ගැටළු මධ්‍යයේ වුවද පියා නිව් ලංකා ජර්නල්නම් ඉතා ප‍්‍රමුඛ පෙළේ විද්වතුන් ලිපි සපයන සඟරාවක් සංස්කරණය කළේය. පියා සතුවූ සෙනෙහෙබර බවත්, පුළුල් දෘෂ්ටියත් ඒවා තුළින් ඔහු හඳුනාගත්තේය. 

විදෙස් අධ්‍යාපනයට යොමූ වීම

‘‘එංගලන්තයේ විශ්ව විද්‍යාල අධයාපන කාලය මාස පහයි ඉන්පසු මාසයක් නිවාඩු. මම ඒ වෙනකොට විශ්වවිද්‍යාලට ආසන්න කුඩා ගමක තිබෙන පුස්තකාලයට බැඳිලා පොත් කියවන්න යොමු වෙලා හිටියේ එහි තිබී මට හමුවුනා ‘‘ධනවාදයේ වර්ධනය පිළිබඳ අධ්‍යයනයක්කියන ඉංගී‍්‍රසි පොත මම මාසයක් පුරා පැය ගණන් අරැගෙන ඒ පොත කියවුවා.
..විශ්ව විද්‍යාලයේදී විශාල වශයෙන් අධ්‍යයනට යොමු වුණා. විශේෂයෙන් විවෘත දේශනානමින්  ඕනෑම විෂය ධාරාවක අපට විවෘත වූ සංවාද දේශන තිබුණා. මා ඒවාට සහභාගි වුණා. විවිධ පුද්ගලයින් පැමිණියා. දේශන ශාලාවේ දේශන වලට වඩා විවෘත දේශනා වලින් අපි ඉගෙන ගත්තා. වාමවාදි නැඹුරුවකට අදාල දැනුම් සම්භාරයක් කියවීමෙන් හා මේ දේවලින් ලැබුණා.” 

1951 කලා උපාධිය හමාර කිරීමෙන් පසු එංගලන්තයේම ඔක්ස්පර්ඩ් අසල  කැස්ඩන් කොලජිය නම් දේව ධර්ම විද්‍යාලට ඇතුළු වී දේව දහම හැදෑරීම පටන් ගත්තේය. 

‘‘ඒක උසස් දේව ධර්ම විද්‍යාලයක් ඉගැන්වීම ඉතා හොඳයි. බොහොම සුඛෝපභෝගි ජීවීතයක් තිබුණේ. එහිදී බලපෑමක් කළ ගුරුවරයෙක් වුනේ ගරු එඩ්වඩ් කිං ඔහු හැම දේම සමබරව කළ කෙනෙක්. කී‍්‍රඩාව, ඉගැන්වීම, පූජක කටයුතු, කලාව ආදී සියල්ලම ඔහු හොඳින් කළා.

දේව ධර්මය හදාරා වසර කීපයක් එංගලන්තයේ සිටීමට හැකියාව තිබුනත් ඔහුට අවැසි වුනේ ඉක්මනින් ලංකාවට පැමිණීමටයි. එංගලන්තයට යාමට පෙර ඔහු ලංකාවේ ගම්මාන නැරඹීමට චාරිකා දෙකක් කර තිබුණි. එකක් කුරුණෑගල ප‍්‍රදේශයේ කලම්පිටියටය. අනෙක ගාල්ලේ බද්දේගමට ය. මේ තුළින් ඔහුගේ කැමැත්ත නගරයේ නොව ග‍්‍රාමිය සේවාව වෙත ඇදී ගොස් තිබුණි. දේව ධර්මය හදාරා අවසන්වූ වහාම ඔහු 1953 දී ම ලංකාවට පැමිණ, දියකොන් පදවියට පත්වී කුරුණෑගල උප දේව්ගැතිවරයා ලෙස සේවය අරඹුවේය. 

ගැමියන් අතරට

1954 දී පූජක පදවියට ඇතුලත්වී 1955 දී හේවාදිවෙල කුඩාගම සහ සියඹලන්ගමුව භාර දේවගැතිවරයා බවට පත්ව ග‍්‍රාමීය ජනතාව අතර කි‍්‍රයාකිරීමට පටන් ගත් යොහාන් පියතුමා මුලදී දැඩි දුෂ්කර තාවයකට මුහුණ දුන්නේය. ඒ භාෂා ප‍්‍රශ්නය යි. ඔහු මුළු මනින්ම වාගේ අධ්‍යාපනය හදාරා තිබුණේ ඉංගී‍්‍රසියෙනි. සිංහලයෙන් දේශන පැවැත්වීමට මුලදී ඉංගී‍්‍රසියෙන් සිතා සිංහලෙන් ඒවා ලියාගැනීමට උදව් ගන්නට සිදුවිය. 

‘‘ගම්මුන්ට සේවය කරන්න නම් ගම්මුන්ගෙන් ඉගෙන ගන්නට අවශ්‍ය බව තදින් දැනෙන්නට වුණා. ටික කළක් සභාව තුළ වැඩ කරද්දී ගමේ සභාවත් නගරේ සභාවට වඩා වෙනස් නැතිබව හැඟුණා. සභා ධූරාවලිය ගමේදිත් ඒ විදිහටම පවත්වා ගත්තා. මේ නිසා සභාවේ සාම්ප‍්‍රදායික කාර්යයන්ගෙන් තෘප්තිමත් වෙන්න බැරිවුණා. ඊට වඩා දෙයක් සිදුවිය යුතු බව හැගුණා.” 

දේවසරණාරාමය ආරම්භ කර කිතුනු හා නොකිතුනු ගොවි කම්කරු ජනතාව සමඟ වැඩ කිරීමට පුරෝගාමි වූ පියතුමා වීම සඳහා ඉහත කරුණු වලට අමතරව බලපෑ තවත් හේතු දෙකක් තිබුණු බව පෙනීයයි. 

‘‘එංගලන්තයේ ඉගෙන ගන්නා කාලයේදීම ආරාම ජීවිතය ගැන ආසාවක් ඇතිවුණා. ඒ ගැන පතපොත කියවමින් අධ්‍යයනය කළා. ඒ වගේම එකල එංගලන්තයේ තිබුණු පූජක කම්කරු ව්‍යාපාරයපිළිබඳ අත්දැකීමද මට බලපෑවා. එංගලන්තයේ කම්කරුවෝ අතිබහුතරය ඒ කාලේ වෙනකොට පල්ලි යාම අත් හැරලා තිබුණේ. ඉතිං සමහර රැඩිකල් පූජකවරු පූජක කම්කරු ව්‍යාපාරය පිහිටුවා ගෙන කම්කරුවෝ අතරට ගිහින් වැඩකලා. එහි අලූත් බවක් තිබුණා. කම්කරුවන්ට සම්බන්ධ විය යුතු බවට අදහස එංගලන්තයේදීම පිළිසිඳුනා.

ආරණ්‍ය ජීවිතයකට පෙම්බැඳ

මේ සියලූ කාරණාවල බලපෑම තුළ හේවාදිවෙල දෙව්ගැති ලෙස වැඩ කරන අතර තුරම 1957 දී දේවසරණාරාමය  පිහිටුවීමට එතුමා කි‍්‍රයා කළේය. ඒ සමඟම ලංකා ගොවි සම්මේලනය සමඟ සම්බන්ධ වී වැඩ කරන්නට අවස්ථාව ලැබීමත් සමඟ සාම්ප‍්‍රදායික දේවගැති ජීවිතය වෙනසකට භාජනය වෙයි. 1959 - 60 අතර කාලය තුළ ආරාම ජීවිතය ගැන අත්දැකීමක් ලබාගැනීමට ඉන්දියාවේ වන්දනා මධ්‍යස්ථානයකට යෑමට අවස්ථාවක් එතුමාට උදා විය. 

හින්දු ආගමෙන් කි‍්‍රස්තියානියට පැමිණ ආශ‍්‍රමයක් පවත්වාගත් කෙනෙකු ළඟ එහිදී අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වුණා. ප‍්‍රංශ, ඉතාලි රෝමානු කතෝලිකයන් දෙදෙනෙක් ද එහි හිටියා.

‘‘ආරාම ජීවිතය ගත්තොත් එහිදී මට බලපෑව ප‍්‍රධාන කාර්යය යාච්ඤාව, ‘සමාජ වැඩ හුදු අභ්‍යාස පමණයි‘කියන මතවාදය  වැනි මතවාදයක් එකල සභාව තුළ තිබුණා.“

1971  අත්දැකීම

‘‘දේවසරණාරාමයට විවිධ පුද්ගලයන් පැමිණියා. ගොවියන්, විරැකියා තරුණයින්. එහි කුඩා කණ්ඩායම් සංවාද ඇරඹුණා. විශේෂයෙන් ගොවි සම්මේලනය සමඟ ගනුදෙනු නිසා දේවසරණාරාමය සමාජ කි‍්‍රයාධරයින් යන එන තැනක් වුණා. ඔවුන් සමඟ විවෘත ස්වාධින ගනුදෙනු තිබුණේ, ඔය අතර අපේ ආරාමයට ආගිය සමහර තරුණයින්, කි‍්‍රයාධරයින් 1971 කැරැල්ල සමඟ හිරගත කෙරෙනවා. පොදුවේ 1971 දී සිරගත වූවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ වීමත් සමඟ එයට දායකවීමට ඒ තත්වය බලපෑවා. 1971 අත්දැකීම් අලලා ප‍්‍රචණ්ඩ ලංකානමින් පොතක් ලියනවා. එය යම් කිසි විදිහකින් එකල තත්වය සංවාදයට ලක් කරනවා.

1971 දී පසුබෑ සමාජ සංවිධාන කි‍්‍රයාකාරිත්වය නැවත ආරම්භ වෙනවා. 1976 දී ගොවි සම්මේලනය නැවත පටන් ගන්නවා හිරෙන් නිදහස් වූ පිරිස් වගේම තවත් අය ඊට සම්බන්ධ වෙනවා. එහි පළමු රැස්වීමේදී මමත් කථා කළා මම කථා කළේ බුදු දහම ඇසුරින්. අනිත් අය මාක්ස්වාදය හා සමාජ විග‍්‍රහය ඇසුරින්ගොවි ජනතාවට වඩාත් සමීපවුනේ සේවක යොහාන්ගේ කතාව. 

එදාසිට මම බොහෝවිට ඔවුන් හා කතා කළේ බුදුදහම ඇසුරින්. ඔවුන් කිතු දහම ගැන යමක් මාගෙන් විමසුවොත් පමණයි මම කිතු දහම ගැන කථා කළේ.” 

1982 දී දේවසරණාරාමය දේවසරණ සංවර්ධන කේන්ද්‍රය බවට පත් වෙනවා. ඒ වෙනවිට සංවර්ධනය හා සාධාරණත්වය පිළිබඳ අරගලය තුළ සාමයික සංවාදය සිදු කරන ස්ථානයක් බවට දේවසරණාරාමය පුළුල් වී තිබීම නිසා එය ආගමික ආයතනයක් නොව ස්වාධීන ආයතනයක් ලෙස සංවිධානය කිරීම අවශ්‍යව පැවතුනා. 1984 දී අපි දේවසරණ සංවර්ධන කේන්ද්‍රයේ ව්‍යවස්ථාව සකස් කළා

රාජ්‍ය නොවන සංවිධානයක ස්වරූපය ගෙන

‘‘ඇත්තටම මුලදී මෙය නඩත්තු වුනේ ඉඩමේ පොල් විකුණා ලද ආදායමින්. පසුව අපි සමූහ ගොවිපලක්, කුකුළු ගොවිපලක් එහෙම ඇති කළා. විදේශ ආධාර ලැබීම ආරම්භ වුණේ ප‍්‍රචණ්ඩ ලංකාපොත මුල් කරගෙන. ඒ පොත කියවූ හැරි ඩැනියල් නැමැති ලෝක කි‍්‍රස්තියානි කවුන්සිලයේ අයෙක් මගෙන් විමසුවා තරුණ කි‍්‍රස්තියානි සංගමයේ ආධාර ලබා ගන්න කැමතිද කියලා. ඒ ගැන අපේ සංවිධානය කතා කළා අපි කිව්වා අපේ ප‍්‍රතිපත්ති පිළිගන්නවා නම් අපි ආධාර ගන්න කැමතියි කියලා. ඔවුන් අපේ ප‍්‍රතිපත්ති පිළිගත්තා. අපි ආධාර ගත්තා. පසුව වෙනත් සංවිධාන වලිනුත් අපි ආධාර ගත්තා.

ගොවි සංවිධාන පවත්වා ගන්නත් එකල මුදල් තිබුනේ නෑ. මම ඔවුනට කිව්වා මුදල් ටිකක් ඉල්ලන්න මම ආධාර කරන තැනක් සොයා දෙන්නම් කියලා. නමුත් ඔවුන් කියා සිටියා අපි ආධාර ඉල්ලන්නේ නෑ. හැබැයි ඔබතුමාට ලැබැණු දෙයක් අපිට දෙනවා නම් අපි ගන්නවා කියලා. අපිට හැකි ලෙස ගොවි සංවිධාන වලට මුදල් උපකාර කළා. හැම විටම අපි ආධාර දුන් අයට අවධාරණය කළා, එගෝල්ලන්ගේ මුදල් මහා ලොකුදෙයක් නෙවෙයි. වටින්නේ ගොවියන්ගේ කැපවීම හා දර්ශනය බව

අපි නිතරම උත්සහ කළේ දේවසරණාරාමය හෝ දේවසරණ කේන්ද්‍රය පුළුල් කිරීමට නෙවෙයි ජනතා සංවිධාන පුළුල් කිරීමට උදව් කිරීමටයි.ජනතා නායකත්වය හා කාන්තා නායකත්වය මතු කර ගැනීමට දේව සරණ කේන්ද්‍රය මූලිකත්වයක් ගත්තා.

මට ආරාධනා රාශියක් ලැබුනා විදෙස් ගතවීමට. මම තුළ වගේම අපේ කණ්ඩායමේ සහජ ඥානය ඇති ඇතැමුන් ඒවා ප‍්‍රතික්ෂේප කළා. 1979 දී ලෝක කි‍්‍රස්තියානි සමුළුවේ ආසියානු නියෝජිතයා හැටියාට කියුබාවට යාමට අවස්ථාව ලැබුනාම සියලූ දෙනා ඊට සහභාගිවන ලෙස ඉල්ලා සිටියා. කියුබානූ ගමනේදී කියුබානූ කාන්තා ව්‍යාපාරයේ ප‍්‍රබල බව මට තදින් බලපෑවා. කාන්තා නායකත්වය ප‍්‍රවර්ධනයට දායක  විය යුතු බවට අදහස ඉන් ලබුණා.” 

1985 දී දේවසරණ කෙන්ද්‍රයේ නායකත්වයෙන් ඉවත් වී ජනතා නායකත්වයට ඉඩදීමට සේවක යොහාන් තීරණය කළේය. ඉන්පසු ඔහුගේ පෞද්ගලික ආශාව වුනේ වව්නියා ප‍්‍රදේශයට ගොස් ද්‍රවිඩ ජනතාව සමඟ සංවාදයකට මුල පිරීම වූ නමුත් රදගුරුවරයා ඔහුව පිළිමතලාව දේව ධර්ම ශාස්ත‍්‍රාලයේ ගිහි පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ලෙස සේවය කිරීමට යොමු කළේය. එහිදී එතුමා සමාජ කි‍්‍රයාධරයන් ලෙස කි‍්‍රයාකිරීමට ගිහියන් පුහුණු කිරීමට කටයුතු කළේය.

1988 - 1989 අත්දැකීම

දේවසරණ කේන්ද්‍රය දැඩි විවේචනයකට ලක් වූ කාලයක් වන්නේ 1988 - 1989 භීෂණ සමය. මෙරට තරුණ ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා රාජ්‍යයට ඔත්තු සැපයූ බවටත්, ‘ප‍්‍රාවැනි ඝාතන කල්ලි සමඟ සම්බන්ධ වී කි‍්‍රයා කළ බවටත් චෝදනා එල්ල විය. ඒ ගැන යොහොන් පියතුමා පවසන්නේ මෙවැන්නකි. 

‘‘භීෂණ යුගයේ දෙපැත්තෙන්ම අපිව සැක කළා. රජය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත්. සමහර ගොවි නායකයින් දෙපැත්තෙන්ම මරා දැමුණා. අපි ඊට විරුද්ධ වුණා. සංවිධානය තුළ සාකච්ඡුාව උණුසුම් වූණා ජ. වි. පෙනුත් අපිට තර්ජන තිබුණා. සංවිධානයේ ටික දෙනෙක් ජ. වි. පෙ. මර්දනයට රජයට ආධාර කළ යුතු බව පැවසුවා. වැඩි දෙනෙක් ඊට විරුද්ධ වූණා. ජ. වි. පෙ. හොඳ පැත්තක් තිබෙනවා. අපි එය මතු කළ යුතුයි කියන අදහසයි ඔවුන් දරුවේ. ජීවිතයට තිබූ තර්ජන නිසා අපි තුවක්කුවක් හා පිස්තෝලයක් අපේ මුදලින් ගත්තා. රජයෙන් නෙවෙයි. රජය අපි ජ. වි. පෙ. කියලා හිතුවා. ආයතනය වටකරලා පරීක්ෂා කළා. ඒ වෙනකොට දේශපේ‍්‍රමි ජනතා ව්‍යාපාරයේ පති‍්‍රකාවල අපිට විරුද්ධව ලියා තිබෙන බවත්, ඔවුන්ගේ මරණ ලැයිස්තුවල අපේ නම් තිබෙන බවත් රජය දැනගත්තා. ඒ නිසා ආයුධ භාවිතයට අපිට ඉඩ දුන්නා. දවසක් තරුණ පිරිසක් අපේ ආයතනයට පහර දුන්නා. වෙඩි තැබුවා. අපිත් වෙඩි තැබුවා.” 

1990 දී මාලති සමඟ විවාහ වූ සේවක යොහාන් දේවානන් ද 2002 දී ලෝක සහයෝගිතා සංවිධානයේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භකයෙකු ලෙස එහි කි‍්‍රයාකාරිත්වයට උරදීම ආරම්භ කළේය. 2002 දී මෙත් නිවස ද, 2003 දී සමාදාන ප‍්‍රදක්ෂිණා  පිහිටුවීමට ද ඔහු පුරෝගාමි විය. මුලදී සභාව ඔහුගේ යැපීම සඳහා දීමනාව ගෙවීම ප‍්‍රතික්ෂේප කළ අතර පසුව එය ගෙවීමට කටයුතු කරන ලදී. දෙවියන් තම කාර්යය සඳහා දායක වන සේවකයින්ගේ මූලික අවශ්‍යතා ඉටු කරනවායන විශ්වාස තුළ ඔහු නොසැලී කි‍්‍රයා කරයි. 

යොහාන් දේවානන්ද පියතුමා සමාජ කි‍්‍රයාධරයෙකු ලෙස කි‍්‍රයාකරන අතරම විමුක්ති දේව ධර්මයට අදාලව අන්තර් ආගමික හරයන්ගෙන් යුතු ග‍්‍රන්ථ කීපයක්ද ලියා තිබේ. අවසානයටම ලියූ ග‍්‍රන්ථය වන පුංචි අකුරේ දෙව් දහමපොතේ ඉතා විවාද සම්පන්න ධර්ම කරුණු ගැන නිර්භයව අදහස් පළ කර තිබේ. සාම්ප‍්‍රදායික වාමවාදී කොටස් සමඟ එතුමා පැවැත්වූ මුල් සබඳතා එතුමාගේ සමාජයීය කි‍්‍රයාකාරිත්වය ශක්තිමත් කළා මෙන්ම එහි ඇතැම් සීමාවන්ද ලකුණු කර තිබෙන බව පෙනීයයි. ජනවාර්ගික ප‍්‍රශ්නයේදී යොහාන් පියතුමා නිවැරදි අස්ථානයක පිහිටා සිටින බව පෙනී යන්නේ ඔහු රාජ්‍ය ත‍්‍රස්තවාදය හා ඊට ප‍්‍රතිවිරුද්ධව නැගුනු ත‍්‍රස්තවාදය එකම මිම්මෙන් බැහැර නොකර මුල් හේතුව රාජ්‍ය ත‍්‍රස්තවාදය බව ප‍්‍රකාශ කිරීමෙනි. කි‍්‍රස්තියානි දෘෂ්ටිකෝණයෙන් යොහාන් පියතුමාගේ ඇතැම් මත දැක්වීම් කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකි වුවද ඔහු විසින් කි‍්‍රස්තියානියේ විමුක්ති මාර්ගය සොයා යාමට කළ උත්සහය කැප කිරීම අගය කිරීම කිසිවෙකුට නිශ්ප‍්‍රභ කළ නොහැකි වනු ඇත.

2016 මැයි - ජූනි

බෝම්බය පිපිරෙයි.





ගිහි ජනතාවයේ ශක්‍යතාවයන් හා විභවයන් ක‍්‍රමික මර්දනයකට හසුකර පාගා ගෙන සිටින පූජක අධිපතිවාදයට එරෙහිව දරුණු ප‍්‍රහාරයක් කතෝලික සභා නායකයාගෙන් එල්ල වී ඇත.

සකල ලෝකවාසී ඇදහිලිවන්තයන් විසින් අභියෝගයට ලක් කළ යුතු දරුණුතම විකෘතියක් ලෙස ප‍්‍රැන්සිස් පාප්තුමා එය හඳුන්වා ඇත. පූජකයන් තමන් පූජකයන් වීමට පෙර ගිහියන්ව සිටි බව සිහිපත් කරන එතුමාණෝ සභාව පූජකයන්ගේ නොව ගිහියන්ගේ බැව් අවධාරණය කරති. තවද තමන් පූජකයන් වූයේ ගිහියන්ට සේවය කිරීමට විනා ගිහියන්ගේ සේවය ලබා ගැනීමට නොවන බවද උන්වහන්සේ පවසති. 

පූජක අධිපතිවාදය ගිහි පුරුෂයන්ගේ හා ස්ත‍්‍රීන්ගේ පුරෝගාමී ශක්‍යතාවයන් හා ප‍්‍රයත්නයන් පමණක් නොව දේව රාජ්‍යයේ පණිවිඩය සමාජ හා දේශපාලන ක‍්‍රියාකාරීත්වයන් තුළට රැගෙන යෑමට ඔවුන් තුළ ඇති නිර්භීත භාවයන්ද මොට කර තමන්ගේ පාලිතයන් බවට ඔවුන් පත් කරමින්, එකතැන පල්වෙන පිරිසක් බවට ඔවුන් පත් කරගෙන ඇති බවට උන් වහන්සේ චෝදනා කරති.

...................


‘‘ශුද්ධ වූ ප‍්‍රාණයාණෝ (ශුද්ධාත්මයාණෝ) ක‍්‍රියාත්මක වනුයේ ගිහියා තුළය. එතුමාණෝ පූජක පන්තියට හිමි බූදලයක් නොවේ. ප‍්‍රැන්සිස් පාප්තුමා

ප‍්‍රැන්සිස් පාප්තුමා කතෝලික සභාවේ පූජකවරුන් අතර පවතින පූජක අධිපතිවාදී සංස්කෘතිය දැඩි ලෙස හෙළා දකී. ප‍්‍රැන්සිස් පාප්තුමා සකල ලෝකවාසී ඇදහිලිවන්තයින්ගේ සංඝය විසින් අභියෝගයට ලක් කළ යුතුම වන ‘‘දරුණුතම විකෘතීන්ගෙන් එකක්ලෙස කතෝලික සභාවේ පූජකවරුන් අතර පවතින පූජක අධිපතිවාදී සංස්කෘතිය දැඩි ලෙස හෙළා දකී. මක්නිසාදයත් එය ගිහියාගේ දායකත්වය දියාරු කර අවතක්සේරු කරන බැවිනි.

පාප්තුමා ඉතාමත් දැඩි ලෙස, තමන්ගේ ජීවිත තුළ තීරණ ගැනීමට ගිහි ජනතාවට ඇති අයිතිය යළි යළිත් අවධාරණය කරමින් පූජකයන් ගිහි ජනතාව තුළ ක‍්‍රියාත්මක වන ශුද්ධාත්මයාණන් විශ්වාස කළ යුතුම බැව් පවසනුයේ ‘‘ශුද්ධ වූ ප‍්‍රාණයාණන් සභාමය පූජක පන්තියේ බූදලයක් නොවන බව පවසමිනි.

2016.04.26 අඟහරුවාදා ලතින් ඇමරිකාව සඳහා වන ශුද්ධාසන කොමිසමේ ප‍්‍රධානියා වූ මාක් ඖලේ කාදිනල්තුමා වෙත  ප‍්‍රැන්සිස් පාප්තුමා තමන් විසින් වතිකානය මගින් නිකුත් කළ ලිපියක ‘‘ශුද්ධ වූ ඇදහිලිවන්ත දේව ජනතාවලෙස නම් කරන්නා වූ ජනතාවට වඩා හොඳින් සේවය කිරීම පිළිබඳව කොමිසමේ සාමාජිකයන් හා කතා කරන්නට තමන්ට අවශ්‍ය බව ප‍්‍රකාශ කරයි.

‘‘ශුද්ධ වූ ඇදහිලිවන්ත දේව ජනතාව පුබුදුවාලීම වූ කලී, දැක ගැනීමට හා මෙනෙහි කිරීමට අපව කැඳවනු ලැබ තිබෙන එම සිතිජ ඉම පුබුදුවාලීම යැයි සසුනිසුරාණෝ සඳහන් කරති. ‘‘සභා එඬේරුන් ලෙස අපව නිරන්තරයෙන් කැඳවනු ලැබ ඇත්තේ එම ශුද්ධ වූ ඇදහිලිවන්ත දේව ජනතාව තුළ යැපෙන්නටත්, ඔවුන් රකින්නටත්, ඔවුන් හා සමඟ සිටින්නටත්, ඔවුන් ජීවත් කරවන්නට හා ඔවුන්ට සේවය කරන්නටත්ය.

‘‘පියෙකුට තම දරුවන් රහිතව තම පීතෘත්වය පිළිබඳව සිතා ගන්නට පවා නොහැකිය යි එතුමාණෝ තව දුරටත් පවසති. ‘‘ඔහු ශ්‍රේෂ්ඨ ක‍්‍රියාධරයෙකු, වෘත්තිකයකු, ස්වාමි පුරුෂයකු හෝ මිතුරකු වන්නට පුලූවන. එහෙත් ඔහු පියකු බවට පත් කරන්නාවූ මුහුණ ඔහුගේ දරුවෝය.

‘‘අපටත් එයම සිදුවේ.පාප්තුමා පවසයි. ‘‘අපි රුය. සේවය කිරීම සහා අපව කැවනු ලැබ තිබෙන බැටළු රැළින් තොරව රෙකුට තමා පිළිබව සිතා ගැනීමටවත් නොහැකිය. සභා රෙකු යනු ජනතාවකගේ රෙක්ය. ඔහු ජනතාව අතර සිට ජනතාවට සේවය කරන්නේය.

අනතුරුව සසුනිසුරාණෝ බව්තීස්මයේ භූමිකාව පිළිබව මෙසේ සහන් කරති. ‘‘දේව ජනතාව වෙතින් යැපීම වූ කලී අප සියලූ දෙනාම සභාවට ඇතුළත් වූයේ ගිහියන් ලෙස බව මතක් කර ගැනීමකි. පළමු ප‍්‍රසාද නිධානය බවුතීස්මයයි. පළමු සහ ප‍්‍රමුඛතම කැපවීම අපගේ බවුතීස්මය තුළ මුල් ඇද ගත්තකි. සසුනිසුරාණෝ පවසති. ‘‘කිසිවකු පියතුමෙකු හෝ රදගුරුතුමෙකු ලෙස බවුතීස්මය ලබා නැත. ඔවුන් අපව බවුතීස්ම කළේ ගිහියන් ලෙසය. කිසිවෙකුට කිසි දිනක කිසි ලෙස මැකිය නොහැකි නොමැකෙන ලාංඡනය එයයි.

‘‘සභාව යනු පූජකයන්ගෙන්, ආලේපනය කරනු ලැබූවන්ගෙන් හෝ රදගුරුවරුන්ගෙන් සැදුම් ලත් ප‍්‍රභූ පන්තියක් නොවන බව අප මතක තබා ගත යුතුයි. ගිහි ජනතාවද ඇතුළත්ව සියල්ලන්ගෙන්ම ශුද්ධ වූ ඇදහිලිවන්ත දේව ජනතාව සැදී ඇත. ප‍්‍රැන්සිස් පාප්තුමා සහන් කරයි.

අනතුරුව ‘‘ලතින් ඇමරිකානු සභාව මුහුණ දිය යුතු දරුණුතම විකෘතින්ගෙන් එකක් වූ පූජක අධිපතිවාදය අමතක කර ගිහියාගේ භූමිකාව ගැන තමන්ට කිසිවක් කීමට නොහැකිබව සහන් කරන පාප්තුමෝ ‘‘ඔබ පිළිබව විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි සහන් කරති.

‘‘එම ආකල්පය (පූජක අධිපතිවාදය) කිතුනුවන්ගේ විවිධ වූ පුද්ගල පෞරුෂයන් අහෝසි කරනවා පමණක් නොව ශුද්ධ වූ ප‍්‍රාණයාණන් (ස්ප‍්‍රීතු සාන්තු වහන්සේ) විසින් අපගේ ජනයාගේ හදවත් තුළ රුවා ඇති බවුතීස්ම වරප‍්‍රසාදය දියාරු කර, අවතක්සේරු කිරීමක් කරාද ගෙන යන්නකි. එතුමාණෝ පවසති.

‘‘පූජක අධිපතිවාදය ගිහි පුරුෂයන්ගේ හා ස්ත‍්‍රින්ගේ විවිධ වූ පුරෝගාමීත්වයන් හා ප‍්‍රයත්නයන් මෙන්ම ශුද්ධ  ලියැවිල්ල සඳහන් සුබාරංචිය සියලූ සමාජ හා දේශපාලන ක‍්‍රියාකාරිත්වයන් තුළට රැගෙන යෑමට ඇති නිර්භීතභාවයන් සීමා කරමින්, ඔවුන් පාලිතයන් ලෙස සලකා එක තැන පල්වීමට සලස්වා ඇත.

‘‘පූජක අධිපතිවාදය ගිහියාගේ විවිධ වූ දායකත්වයන් හා යෝජනාවන් උත්තේජනය කරනවා වෙනුවට සිය ජනයාගේ හදවත් තුළ සාක්ෂි දරන්නට කැවනු ලැබ තිබෙන සමස්ත කිතු සසුන තුළ ඇවිළෙන දිවැසිවර ගින්න මදින් මනිවා දමයි.පාප්තුමෝ සහන් කරති.

‘‘සභාවේ දෘෂ්‍යමාන ස්වරූපය හා සක‍්‍රමේන්තුක ස්වරූපය සියලූම දේව ජනතාවටය. තෝරා ගනු ලැබූ හෝ ප‍්‍රභාවත් කරනු ලැබූ සුළුතරයකට නොවේය.

අනතුරුව පාප්තුමා සභාවේ රිදූත කාර්යය තුළ ගිහියාගේ භූමිකාව පැසසුමට ලක් කරන සයවන පාවුලූ සසුනිසුරාණන්ගේ ‘‘ඉවැන්ජලි නූන්ෂියෑන්ඞ්නම් අපෝස්තලික අනුශාසනාව උපුටා දක්වයි.

‘‘සය වැනි පාවුලූ පාප්තුමා මා මූලධාර්මික යැයි දැඩිව සලකන යෙදුමක් භාවිතා කරයි. අපේ ජනතාවගේ ඇදහිල්ල..... ඔවුන්ගේ දිශානතීන්, ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වයන්, ඔවුන්ගේ ආශාවන්, ඔවුන්ගේ අභිලාෂයන්, ඔවුනට සවන් දීම හා මග පෙන්වීම තුළ ශුද්ධ වූ ප‍්‍රාණයාණන්ගේ සැබෑ වැඩ සිටීම ජීවමාන කරවයි.ප‍්‍රැන්සිස් පාප්තුමා පවසයි.

‘‘අපි අපේ ජනතාව කෙරෙහිද, ඔවුන්ගේ අතීත මතකය හා වටාපිටාව හඳුනා ගැනීමට ඔවුන් සතු ඉව පිළිබවද විශ්වාස කරමු. අපි ශුද්ධ වූ ප‍්‍රාණයාණන් වහන්සේ ඔවුන් තුළ මෙන්ම ඔවුන් සමගද ක‍්‍රියාකාරී වන බව විශ්වාස කරමු. තවද, මෙම ශුද්ධ වූ ප‍්‍රාණයාණෝ සභාවේ පූජක පන්තියට පමණක් උරුම පරවේණි බූදලයක් නොවේ. යැයි එතුමෝ තවදුරටත් සහන් කරති.

‘‘සභා රුන් වන අපට ගිහි ජනතාව ජන ජීවිතය තුළ ක‍්‍රියාකාරී වීමේ අර්ථය කුමක්ද?‘‘ ප‍්‍රැන්සිස් පාප්තුමා අසයි. ‘‘ඒ තමයි ඔවුන් දිරි ගැන්වීමට මාර්ගයක් සෙවීම. ඔවුන් හා එක්ව ක‍්‍රියාකාරී වීම, සහ විශේෂයෙන් දුප්පත්ම ජන කොටස වෙනුවෙන්. ප‍්‍රතිවිරෝධයන්ගෙන් පිරුණු ලෝකයක් තුළ බලාපොරොත්තුව හා විශ්වාසය ජීවත් කරවන්නට ඔවුන් දැනටමත් දරමින් සිටින ප‍්‍රයත්නයන් හා යෙදීම් තවත් උත්තේජනය කිරීමයි.

‘‘ගිහියාට තමන් කළ යුත්තේ හා කිව යුත්තේ කුමක්ද කියා නියෝග පැනවිය යුතු වන්නේ පූජක පක්ෂය විසින් නොවේ. ඔවුහු අපට වඩා හොඳින් බොහෝ දෑ දනිති. පාප් තුමෝ සහන් කරති. ‘‘විශ්වාසකයාට ඔහුට හෝ ඇයට ආවේණික සන්දර්භයන් තුළ කිව යුතු දේ තීරණය කළ යුත්තේ පූජකයා නොවේය.

‘‘පූජකයෝ බොහෝ විට කැප වුණු ගිහියකු යනු පල්ලියට වැඩ කරන නොඑසේ නම් මීසමේ හෝ පදවියේ යම් යම් කටයුතුබව නියැලෙන අයෙකු බව සිතීමේ දුර්පරීක්ෂාවට ගොදුරු වී සිටිති. නමුත් අප බව්තීස්මය ලැබූ මේ අයගේ ජන ජීවිතයට හා දෛනික ජීවිතයට සම්බන්ධව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබව සිතා බලා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. යැයි එතුමාණෝ තව දුරටත් ප‍්‍රකාශ කරති.

‘‘මේ ගැන නිසි අවබෝධයකින් තොරව, කැපවුණු ගිහියන් යනු පියතුමන්ලාගේ වැඩකටයුතු කරදෙන අය පමණක් යැයි විශ්වාස කිරීම නිසා අපි ගිහියන්ගේද ප‍්‍රභූ පන්තියක් නිර්මාණය කර ඇත්තෙමු. තවද විශ්වාසය ජීවත් කරවන්නට දෛනිකව කරන්නා වූ අරගලය තුළ බොහෝ සෙයින් අපේක්ෂා භංගත්වයට පත් වූ විශ්වාසකයාව අමතක කර, අත්හැර ඇත්තෙමු.යැයි උන්වහන්සේ සහන් කරති.

‘‘පූජක අධිපතිවාදවය නොපෙනෙන තත්ත්වයන් මේවාය. මන්ද යත් එය නිර්මාණාත්මක ක‍්‍රියාවලීන්ට වඩා අධිපතිවාදී අවකාශයන් පිළිබව කරදර වන හෙයිනි. එතුමාණෝ තව දුරටත් පවසති. එබැවින් අප ගිහියා ඔවුන්ගේ සැබෑ යථාර්ථ්‍ය තුළ හා ඔවුන්ගේ අනන්‍යතාවය තුළ පිළිගැනීමට ලක් කළ යුතුය.“

‘‘නවීන ජීවන තත්ත්වයන් අපට ඉදිරිපත් කරන බොහෝ අභියෝගයන් සහා ඇති විසඳුම්වල ඒකාධිකාරය අප සතුව තිබිය යුතුයැයි සිතීම අතාර්කික මනෝ විකාරයකි....... ඒ වෙනුවට අප කළ යුත්තේ වත්මන් ගැටළුවලට නිසි ප‍්‍රතිචාර දැක්වීමට ඔවුන් තුළ ඇති පරිකල්පන ශක්තිය පුබුදුවාලමින් ඔවුන් හුදකලා නොකොට ඔවුන් සම සිටීමය.

‘‘අපගේ කාර්යභාරය, අපගේ සන්තුෂ්ටිය එසේය. සභා රෙකුගේ සංතුෂ්ටිය සැබවින්ම පවතින්නේ සහය වීම හා පුබුදුවාලීම තුළය.එතුමෝ තව දුරටත් පවසති. ‘‘ගිහි ජනතාව ශුද්ධ වූ ඇදහිලිවන්ත දේව ජනතාවගේ කොටසක්ය. ඔවුහු ශුද්ධ වූ සභාව තුළත්, ලෝකය තුළත්, ප‍්‍රධාන භූමිකාව හොබවන්නේය. අප කැවනු ලැබ ඇත්තේ ඔවුනට සේවය කිරීමට මිස ඔවුන්ගේ සේවය ලැබීමට නොවේය.

ලතින් ඇමරිකාව පිළිබඳ ශුද්ධාසන කොමිසම වතිකාන රදගුරු සමුළුවේ එක් අංශයකි. එය මෙහෙයවනු ලබනුයේ ඖලේ හිමිපාණන් විසිනි.     

ජිත් හැඩ්ලි පෙේරා
2016 මැයි - ජුනි