Friday, March 18, 2016

කඳුරට කඳුළු...

දමිළ ජනතාව රට තුළ ජාතියක් ලෙස තවදුරටත් අසාධාරණයට ලක් වේ. ආයුධ යුද්ධයට පෙරත් පසුවත් ජනසංහාරය විවිධ අන්දමින් සිදු වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව විවිධ සංවිධාන වාර්තා ඉදිරිපත් කළා පමණක් නොව, උතුරු පළාත් සභාව සිදු වූ ජන සංහාරය පිළිබව ජාත්‍යන්තර මැදිහත්වීමෙන් විභාග කළ යුතුයැයි යෝජනාව සම්මත කර ගත්තේය.

චැනල් ෆෝ හරහා එළිදරව් කරන ලද සාක්ෂි හා සැටලයිට් මගින් ලබාගත් තොරතුරු අනුවද ජනසංහාරය සිදු වුණ බවට සාක්ෂි ඇත.

එමෙන්ම අතුරුදහන් කරන ලද පුද්ගලයන් පිළිබ, ස්වේච්ඡාවෙන් භාර වූ අය පිළිබව සොයා බැලීමට ද කොමිසම පිහිටුවා ඒ පිළිබව විභාග පවත්වයි.

යහපාලන ආණ්ඩුව සිදු වූවා යැයි කියන ලද වංචා පිළිබව පැමිණිලි ලබා ගැනීමටද, ඒ පිළිබව විභාග කිරීමට ද කොමිසම පිහිටුවා තිබේ.

එමෙන්ම දේශපාලන විසඳුම සහා ගමන් කිරීමට පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් කර ගැනීමට අගමැතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී යෝජනා කර ඇත.

ඉහත සහන් සියල්ල උතුරු නැගෙනහිර ප‍්‍රදේශයෙහි දමිළ ජනතාවට එරෙහිව සිදු වුණ දේ පිළිබව සොයා බැලීමට හා ඒ සහා දේශපාලනික විසඳුම ඉදිරිපත් කිරීම සහා දරන්නා වූ වෑයමක් වේ.

නමුත් යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දරණ ඳුරට දෙමළ ප‍්‍රජාවගේ දේශපාලන නායකයෙක් අපගේ ප‍්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යා යුතු බව ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කළේය. එම ප‍්‍රකාශන ආණ්ඩුව කෙරෙහි බිඳ වැටුණා වූ විශ්වාසයේ වේදනාත්මක හක් විය හැකිය.

මෑතකදී කළුතර කොබවැල වතුයායේ සිද්ධියෙන් එහි වෙසෙන්නා වූ දමිළ ජනතාව කොයිතරම් බියෙන් ජීවත්ව සිටින්ේදැයි සිතිය හැකිය. අවුරුදු දෙකකට පෙර රත්නපුර ප‍්‍රදේශයෙහි හමුදා සොල්දාදුවෙකුට දමිළ තරුණයෙක් “සර්” කියා ආමන්ත‍්‍රණය නොකිරීම හේතුවෙන් එම ප‍්‍රදේශයේ දමිළ ජනතාවගේ ලයිම් කාමරද තනි ගෙවල්ද සිංහල තරුණයන් විසින් ගිනිබත් කළේය. මහා ජාති චින්තනයෙන් මර්දනය ව්‍යාප්ත වේ.

තවද වතු කම්කරුවන්ගේ වැටුප් ගිවිසුම මාස 10 ක් ගත වීත් අද වන තුරු අත්සන් තබා නැත. 2016 අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වෙලාවේදී මුදල් ඇමතිතුමා කඳුරට ජනතාවට නිවාස සෑදීමට රු. කෝටි 1000 ක් වෙන් කළා යැයි පැවසුවාට එවන් මුදලක් නොමැති බව අගමැතිතුමා කඳුරට දේශපාලන නායකයන්ට කියා ඇත. එම දේශපාලනික නායකයන් තමන්ගේ දේශපාලනික උවමනාවන් මත එය ජනතාවට එළි නොකර වසන් කරයි.

ඳුරට ජනතාව නිදහසට පෙර හා පසුවත් රාජ්‍ය යන්ත‍්‍රණය විසින් හා පටු දේශපාලනික ජාතිවාදී සිතුවිල්ලෙන් සිදු කෙරෙන අප‍්‍රකට රහසිගත ජනසංහාරයට මුහුණ දෙති. ඒ හේතුවෙන් 1948 දී 14.8% දමිළ ජනතාව මේ වන විට 4.3% ක් ලෙස අඩු වී ඇත. 1981 දී 497,995 ක් වූ කම්කරුවන් 2013 වන විට 193,412 දක්වා අඩු වී ඇත. ක`දුරට දෙමළ 

ජනතාවට එරෙහිව නිදහස් ශ‍්‍රී ලංකාවෙහි කරන ලද ජනසංහාරය .....
            ක`දුරට ජනතාවගේ ප‍්‍රජා අයිතිය උදුරා ගැනීම
            ක`දුරට ජනතාවගේ ඡුන්ද අයිතිය උදුරා ගැනීම
සිරිමා - ශාස්ත‍්‍රී ගිවිසුම සහ සිරිමා - ඉන්දිරා ගිවිසුම (ක`දුරට ජනතාවගේ කැමැත්තෙන් තොරව ජන කොටසක් ලංකාවට අයිති කරගන්නටත්, තව ජන පිරිසක් ඉන්දියාව විසින් බාර ගැනීමට කරන ලද ගිවිසුම)
ඉඩම් ප‍්‍රතිසංස්කරණ පණත යටතේ වතු ඉඩම් රජයට පවරා ගැනීම හා සමහර වතුවල පදිංචි වී සිටි අය බලහත්කාරයෙන් පළවා හැරීම
`දුරට ප‍්‍රදේශයෙහි සැලසුම් සහගතව සිංහල ජනතාවට ඉඩම් බෙදා දීම
            වතු සමාගම් 24කට පැවරීම
            ජාතිවාදී කෝලහල
තමා දෙවැනි ගණයේ ප‍්‍රජාවන් බව සිතන්නා වූ පසුබිම සකස් කිරීම
            ක`දුරට හා වතු ප‍්‍රජාව දුප්පත්කමින් තබා ගැනීම
`දුරට ප‍්‍රදේශයේ විරැකියා ප‍්‍රදේශය ලෙස සදහටම තබා ගැනීම
            
`දුරට හා වතුකරයේ තරුණ තරුණියන් ස්වේච්ඡාවෙන් එම ප‍්‍රදේශයෙන් ඉවත් වීම ස`දහා පසුබිම සකස් කිරීම
            
නාගරික සංස්කෘතිය ක`දුරටෙහි හා විශේෂයෙන් වතු ආශ‍්‍රිත ප‍්‍රදේශවල ව්‍යප්ත වීමට ඉඩ සැලසීම
            මත්පැන් හා මත්ද්‍රව්‍ය විශාල වශයෙන් එම ප‍්‍රදේශයේ බෙදා හැරීම
            ජාතිවාදී හා ආගම්වාදී විහාරස්ථාන හා බුදු පිළිම ඉදි කිරීම
            ජන අනුපාතය අනුව රැකියාවන්ට බ`දවා නොගැනීම
            රජයේ කාර්යාලවල දමිළ භාෂාවට සුදුසු තැන නොදීම
වතු කම්කරු ජනතාව වහල් සේවකයන් මෙන් තබා ගැනීමට කටයුතු සැලසීම
වතු කම්කරුවන් ආර්ථිකව ශක්තිමත් නොවීම ස`දහා නිවස ස`දහා පමණක් ඉඩම ලබා දීම
ඉඩම් ප‍්‍රතිපත්තියක් නොමැතිව දේශපාලඥයන්ට වුවමනා පරිදි ඉඩම් ලබා දීම
ව්‍යවස්ථාවෙන් ආරක්ෂාව ලබා නොදීම
යනාදිය සමහර නිදසුන් වේ.
මේ හේතුවෙන් ක`දුරට ප‍්‍රදේශවල හා වතුකරයේ තරුණ තරුණියන් උගතුන් තම ආරක්ෂාව ස`දහා එම ප‍්‍රදේශයෙන් වෙනත් ප‍්‍රදේශවලට  සංක‍්‍රමණය වේ. විශේෂයෙන් වන්නි ප‍්‍රදේශයට හා ඉන්දියාවටද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තල්ලූ වී ඇත.
මෙම හේතූන් මත ක`දුරටට අයිති කලාව, ආගමික සංස්කෘතිය සමාජ සංස්කෘතිය විනාශ වී ඇත. මෙම විනාශය ආයුධ යුද්ධයෙන් සිදු වූ විනාශයට වඩා භයානකය. මෙවන් විනාශය ඉදිරියටත් ක‍්‍රියාත්මක කිරීම ස`දහා ධනවාදී පාලකයෝ සූක්ෂ්ම ලෙස පිඹුරුපත් සකස් කරමින් සිටිති.
`දුරට දේශපාලන නායකයන් වරප‍්‍රසාද හා තනතුරු බලාපොරොත්තුවෙන් නිහව සිටිති. උතුරු නැගෙනහිර දේශපාලඥයන් විවිධ කණ්ඩායම්වලට කැඩී ගොස් තම තමන්ගේ ආරක්ෂක පවුරු තර කිරීම ස`දහා විවිධ උපාය මාර්ගයන් සැලසුම් කරති.
මෙවන් මොහොතක පටු දේශපාලනික අරමුණෙන් තොරව සමාජ සංවිධාන හා සිවිල් ව්‍යාපාර එකතු වී මේ වෙනුවෙන් පෙනී සිටියහොත් ක`දුරට සිදුවන්නා වූ ජනසංහාරය නැවැත්වීමට හැකියාව ලැබෙන බව සහතිකය. සිදුවන්නා වූ ජනසංහාරය වළක්වා ගැනීම ස`දහා මෙම සමාජ බලවේගය කරුණු ඒකරාශි කරමින් රජයට ඉදිරිපත් කිරීම හරහා විස`දුම් සෙවිය යුතුය.

සත්‍යවේල් පියතුමා

No comments:

Post a Comment

කිතුසරට එක් කරන ඔබේ ස්වර...