Wednesday, May 11, 2016

‘‘ලේඩීස් ෆස්ට්” ලෝකයේ ඇත්ත නැත්ත


මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනයයි. සමාජවාදි දෙවන ජාත්‍යන්තරය ගෙන ආ යෝජනාවක ප‍්‍රතිඵලයකි එය. නමුත් දැන් ඒ දිනය (අන් එවැනි දිනයන් සේම) ලිබරල් වෙළෙඳ පොළ ධනවාදයේ ගොදුරකි. බැංකු, මූල්‍ය ආයතන, මාධ්‍ය ආයතන, රූපලාවන්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය අලවිකරන ආයතන ආදි වෙළෙඳ ආයතනවලට තවත් අලවි ප‍්‍රවර්ධන කාලයකි. ලෝක කාන්තා දිනය වෙනුවෙන් ඔවුන්ගේ අලෙවි ඉලක්ක මිලියන ගණන්වලින් සැලසුම් වේ. ඒ ලෝක කාන්තා දිනයේ යථාර්ථයයි.

දැන් අපි ලෝක කාන්තා ජීවිතයේ යථාර්ථය විමසා බලමු. ලේඩිස් ෆස්ට් (Ladies First) කියන ලෝකයේ ඇත්ත කුමක්ද?

ලෝක ජනගහණයෙන් අඩකට ආසන්න ස්තී‍්‍රහූ ලෝකයේ මුළු වැඩ කන්දරාවෙන් 2/3 ක් ඉටු කරයි. එහෙත් ඔවුන්ට හිමිවන්නේ ලෝක ආදායමින් 1/10 කි. ස්තී‍්‍ර පුරුෂ ශ‍්‍රමයට ඇති සැලකුමේ විෂමතාව පැහැදිලිය. සැබැවින්ම ස්තී‍්‍රන් තවමත් පුරුෂ ලෝකය තුළ දෙවැනි පෙළ පුරවැසියන් ය. පීඩිත සමුහයකි. වසරකට ලොව පුරා කාන්තාවන්ගෙන් මිලියන 700 ක් කට පමණ ළමාවියේදිම විවාහ වීමට සිදු වේ. ඉන් මිලියන 250 ක් ම වයස් අවුරුදු 15 ට පෙර විවාහ කර දෙති. වසරකට වයස අවුරුදු 10 අඩු ගැහැනු දරුවන් මිලියන 120 ක් අපයෝජනයට ලක් වෙති.

ශී‍්‍ර ලංකාවේ තත්වයද ලෝක තත්වයට වඩා වෙනස් නොවේ. 2015 ස්ත‍්‍රී දූෂණ අපරාධ වලින් 80% කටක් වඩා වයස අවුරුදු 16 ට අඩු දියණියන්ට එරෙහිව කළ ඒවාය. 2015 මැද පෙරදිග රැකියා කරන ශී‍්‍ර ලාංකිකයන්ගෙන් මෙරට ගෙනා ආ මිය ගිය අයගෙන් 2/3 කටත් වඩා ස්තී‍්‍රන්ය.

ස්තී‍්‍රයගේ විමුක්තිය පොදු සමාජ විමුක්තිය සමඟ එක්ව උදාකර ගැනීමට අද පවතින කාන්තා දින භාවිතයට ප‍්‍රතිපත්ෂ වැඩපිළිවෙළක් අවශ්‍ය ය. පුරුෂාධිපත්‍ය ලෝකය තුළ තමන් වෙළෙඳ භාණ්ඩයක් නොවන බව ඒත්තු ගැන්වීමට ස්තී‍්‍රන් ම පෙරට ආ යුතුව ඇත. සමානතාව යුක්තිය පතන පොදු මානව ගරුත්වය පතන පුරුෂයින් ඒ හා අත්වැල්බැඳ ගත යුතුය. පාරිභෝජනවාදි මාධ්‍ය සමාජය තුළ එය දැනුවත්ව කළ යුතු අරගලයකි.

දිනපතා හැම විට ම මරිය තුමියට නමෝ මරියනි කියන මරියතුමියට ප‍්‍රධාන තැනක් දෙන කතෝලික සභාව තුළ ද ස්ත‍්‍රීය පිළිබඳ ඇත්තේ ලෝකය තුළ ඇති කටුක පීඩක යථාර්ථයම ය. සභා ක්ෂේත‍්‍රය තුළ ද ස්තී‍්‍රය පිළිබඳ කතිකාව පෙරට ගෙන ආ යුතුය.

(2016 මාර්තු - අප්‍රේල් )

1 comment:

  1. ////සභා ක්ෂේත‍්‍රය තුළ ද ස්තී‍්‍රය පිළිබඳ කතිකාව පෙරට ගෙන ආ යුතුය./////

    ඔබ හරි. ආගමික සංස්තාව තුල පමනක් නොව මෙය සමාජීය සංවාදයක් විය යුතුවේ.

    මේ ලින්ක් එකේ තියෙන්නේ ලන්ඩනයේ දුටු පුවතක්.

    බෞද්ධ පවුලකින් පැවත එන කෙනෙක් වෙන මුත් බෞද්ධ සංඝ සමාජය තුල කොතරම් දුරට මෙය සාකච්ඡා වෙනවාද කියා මම නොදනිමි.

    ReplyDelete

කිතුසරට එක් කරන ඔබේ ස්වර...