Sunday, June 19, 2016

සංදර්ශන නවතා සංහිඳියාවට කැපවෙනු !




නැවත ලේ ගලා නොයාමට නම්

2015 ජනවාරි 08 නව ජනාධිපතිවරයෙකු පත් වීම කෙරෙහි බලපෑ ප‍්‍රධාන කරුණ වුයේ මෙරට ප‍්‍රමාණයෙන් කුඩා ජාතින් හා ආගමිකයින් කෙරෙහි පැවති රෙජිමය ගොඩනගනු ලැබු පීඩනයයි.

වංචාව, දූෂණය, පවුල් පාලනයආදිය ඒ වෙනස සඳහා බහුතරයේ සහය ලැබීමට හේතු විය. බහුතරය තුල සිටි ජාතිවාදි නොවන කොටස් ද සැබෑ සංහිඳියාවක අවශ්‍යතාවයද හේතු කරගනු ලැබීය.

ජනවාරි 08 වෙනසින් පසු පෙර පැවැති පීඩනය හා සංවිධානගත ලෙස සුළුතර ජන කොටස් රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව තලා පෙලිම දැකිය නොහැකි නමුත් සැබෑ සංහිදියා ක‍්‍රියා දාමයකට අවතීර්ණ වන බවක් නොපෙනීම පාලකයින්ගේ පටු බව විදහා පෑමකි.

ජාතිවාදය විසින් මානසිකව බෙදා වෙන්කළ රටක් සංහිදියාව කරා ගෙනයාමට නිර්භය ඉදිරිපත් වීමක් අවැසිය. එසේම ඒ සඳහා නිර්ව්‍යාජ කැපවීමක් අවැසිය. ප‍්‍රකාශන හා සංහිඳියා සංදර්ශන කිසිසේත් ඊට ඵලදායි සේවයක් නොකරයි.ජාතිවාදින් සතුටු කිරීමත්, සංහිඳියාව ඇති කිරිමත් එක විට කළ නොහැකිය. බලය පරදුවට තබා සාමය සඳහා පියවර තැබිය යුතුය.

ප‍්‍රමාදය විසින් පෙන්වන්නේ වුවමනාවේ තරමයි. පක්ෂය තුල බල තුලනය සඳහා දක්වන වුවමනාව සංහිඳියාවට නැති බව ජනපති පෙන්නුම් කරයි. යොවුන් පුර පවත්වන්නට තිබෙන වුවමනාව සංහිඳියාව සඳහා නැති බව අගමැති පෙන්වයි.

මේ උදාසිනභාවය නැවත තව වසර කීපයකින් රට ලේ විලක ගිල්වීමට හේතු නොවනු ඇත්ද? සැබෑ ලෙස සාමකාමි රටක් අපේක්ෂා කරන ජනයා රජයට මෙසේ බල කළ යුතුය. 

‘‘සංදර්ශන නවත්වා සංහිදියාවට කැපවනු.“

2016 මැයි - ජුනි

No comments:

Post a Comment

කිතුසරට එක් කරන ඔබේ ස්වර...