Thursday, March 24, 2016

මිනිත්තු එකොළහේ කතාව



‘‘එකෝමත් එක කාලෙක මරියා කියලා ගණිකාවක් හිටියා. පොඩ්ඩක් ඉන්න !!! එකෝමත් එක කාලෙක කියලා පටන් ගත්තේ බොහොම ජනප‍්‍රිය ළමා කතන්දර වලනේ, ඒ වගේම ”ගණිකාව” කියන වචනය වැඩිහිටි වචනයක්නේ. මම කොහොමද එච්චර පහසුවෙන් ඒ වගේ පරස්පරයකින් මේ කතාව පටන් ගත්නේ? ඒත් අපේ ජිවිතේ ගතවන හැම මොහොතකදිම අපේ එක පියවරක් සුරංගනා කතාවකත් අනෙක් පියවර මහා අගාධයකත් තමයි තියෙන්නේ. අපි මේ කතාව මෙහෙම ආරම්භ කරමු.

එකොමත් එක කාලෙක මරියා කියලා ගණිකාවක් හිටියා අනික් හැම ගණිකාවක් වගේම ඇයත් ඉපදුනේ අහිංසකව හා කන්‍යාවක් විදිහට.”

මිනිත්තු එකොළහේ කතාව නම් වු පාවුලෝ කොයියෝ ගේ කතාව ආරම්භ වන්නේ එහෙම. ඒ ආරම්භය විසින් මුළු කතාවකටම සංක්ෂිප්ත හැඳින්වීමක් දෙනවා විතරක් නෙමෙයි. කතුවරයාගේ දෘෂ්ඨිය, මානව හිතවාදි දැක්ම ප‍්‍රකාශයට පත් වෙත්වා.

පාවුලෝ කොයියෝ කතාව ආරම්භ කරන්නේ ඒ වගේ වුනාට පොත ආරම්භ කරන්නේ මෙන්න මේ විදියට.  

පළමු පිටුව 

අහෝ පාපයෙන් තොරව පිළිසිදි මරියනි, නුඹ වෙත පැමිණී අප වෙත යාච්ඤා කරනු මැනවි.

2002 මැයි 29 වෙනිදා මම මේ පොත වැඩි දුරටත් ඔප මට්ටම් කරන්න පැය කිහිපයකට කලින් උල්පතින් එන දිව්‍යමය පැන් බෝතල් කීපයක් පුරවා ගැනිමට ප‍්‍රංශයේ ලූර්දු හි ගොතාවලට පැමිණියා. බැසිලිකා පල්ලියේ හිටපු වයස හැත්තෑ ගණනක මහත්මයෙක් මට කිව්වා. .ඔයා දන්නවාද, ඔයා හරියටම පාවුලෝ කොයියෝ වගේමයිකියලා ඉතිං මම ඔහුට කිව්වා, ”මම පාවුලෝ කොයියෝ තමයිකියලා. ඒ පුද්ගලයා මාව වැළඳගෙන මාව එයාගේ බිරිඳටත්, මිණිබිරියටත් හඳුන්වලා දුන්නා. ඔහු ඔහුගේ ජීවිතේට මගේ පොත්වලින් ඇති වැදගත්කම ගැන කථා කළා. ඒවා මට සිහින දකින්න ඉඩ සලස්වනවායැයි කථාබහ අවසන් කරමින් ඔහු කිව්වා. 

මම මේ වචන මීට කලින් බොහෝ වතාවක් අසා තිබු ඒවා වු අතර ඒවා හැමවිටම මට මෘදු සතුටක් ගෙන ආවා. කෙසේ වෙතත් ඒ මොහොතේ මට හුඟාක් බය හිතුනා. මොකද මගේ අලූත් නවකථාව, මිනිත්තු එකළොහේ කථාව. කටුක, අපහසු ඛේදජනක මාතෘකාවක් ආශි‍්‍රත කරගන්න නිසා. මම දිය උල්පතට ගිහින් බෝතල් ටික පුරවාගෙන ආපසු ඇවිත් ඔහු ඉන්නේ කොහෙද කියලා අහගෙන ( උතුරු ප‍්‍රංශයේ, බෙල්ජියමයට ආසන්නයේ ) ඔහුගේ නම මතක තියා ගත්තා. මොරිස් ග්රැවිලින්ස්, මේ පොත පිළිගන්වන්නේ ඔබටයි. මට ඔබ වෙනුවෙනුත්, ඔබේ බිරිඳ සහ මිණිබිරිය වෙනුවෙන් මං වෙනුවෙන් කරන්න යුතුකමක් තියනවා. ඒ තමයි අනිත් අය අහන්න කැමැති දේ ගැන නෙවෙයි. මම අවධානය යොමු කරන දේවල් ගැන කථා කරන එක, සමහර පොත් අපට සිහින දකින්න ඉඩ සලසනවා. අනිත් ඒවා අපිට යථාර්ථය මුණ ගස්වනවා. ඒත් කතුවරයකුට වඩා වැදගත් වෙන්නේ කොච්චර අවංකභාවයකින් පොතක් ලියලා තියනවද කියන එකයි.                                                                                                              
බලව, ඒ නගරයේ සිටි පාපතර ස්ත‍්‍රිය; යේසුස් වහන්සේ  ව්‍යාජ භක්තිකයාගේ නිවසෙහි ආහාර පිණිස සිටින බැව් දැන ඇය විසින් සිනිඳු පෞරාණික මැටි බඳුනක බහාලූ ආලේපනයක් රැගෙන පැමිණියාය.

යේසුස් වහන්සේගේ දෙපා මුල වැඳ වැටුණු ඈ වැලපෙමින් ඇගේ කඳුළුවලින් උන් වහන්සේගේ දෙපතුල් දෝවනය කළාය. ඇගේ කේශ කලාපයෙන් උන් වහන්සේගේ දෙපතුල් පිසදැමුවාය. උන් වහන්සේගේ දෙපතුල් සිප ගත්තාය. ආලේපනය උන් වහන්සේගේ දෙපතුල් මත ගැල්වූවාය.

උන් වහන්සේ නිවසට කැඳවන ලද ව්‍යාජ භක්තිකයා එය දැක, ඔහුටම මෙසේ පවසමින් මේ පුද්ගලයා, අනාගත වක්තෘ  කෙනෙකු නම් මෙවැනි ස්ත‍්‍රියකගේ ස්පර්ෂයක් ලැබීම පාපයක් බව දකින්නට අවශ්‍යය.

යේසුස් වහන්සේ ඔහුට කථා කොට පිළිතුරු දෙමින්, සයිමොන්, මම නුඹට යමක් කියන්නෙමි, ගුරුතුමනි කියනු මැනවියි, ඔහු කී සේක.

එක්තරා ණය හිමියෙකු ණයකාරයන් දෙදෙනෙක් සිටිය. එකකු පැන්ස පන්සීයක් සහ අනෙකා පැන්ස පනහක් වශයෙනි. ඔවුන් ඒ ණය මුදල ගෙවීමට අපොහොසත් වුණු කල හෙතෙම උන් දෙදෙනාම ණයෙන් නිදහස් කළේය. මේ දෙදෙනාගෙන් කවරෙක් ඔහුට වැඩිපුර ආදරය කළාහුද ?

සයිමොන් පිළිතුරු දෙමින් ඔහුට කියන්නේ, ඔහු වැඩිපුර සමාව දුන් තැනැත්තේය. ඔබ දක්ෂ ලෙස තීන්දු කළෙහිය. උන් වහන්සේ ඔහු පැවසු සේක.

ස්තී‍්‍රය දෙසට හැරෙමින් උන්වහන්සේ  සයිමොන්ට මෙසේ පැවසු සේක. නුඹට මෙම ස්තී‍්‍රය පෙනෙනවා නොවේද ? මා නුඹේ නිවසට ඇතුළු වු කල්හි නුඹ මගේ දෙකකුල්වලට ජලය වත් නොකළෙහිය. නමුත් ඇය ඇගේ කඳුළු වලින් මගේ දෙපා දෝවනය කළාහුය. නමුත් කේශ කලාපයෙන් මාගේ දෙපා පිස දැම්මාහුය.

නුඹ මා සිප නො ගත්තෙහිය. නමුත් ඇය මා පැමිණි වේලාවේ සිට මාගේ දෙපා සිප ගැනිම නොනැවැත්වුවාහුය.

නුඹ මගේ ශීර්ෂයෙහි තෙල් ආලේප නොකළාහුය. නමුත් ඈ මගේ දෙපතුල්හි පවා ආලේපන ගැල්වුවාහුය.

එබැවින් මා නුඹට කියන්නේ බොහෝ වූ ඇගේ පාපයනට සමාව දෙනු ලබන්නෝය. බොහෝ කොට ආදරය කරනු ලබන්නේය. නුමුත් සුළුකොට සමාව ලබන තැනැත්තේ සුළුවෙන් ආදරයද ලබන්නේ වේ.

( ලූක් 7 : 37-47 )

ඉහත දෑ පෙළගැසීමෙන් පසුව කතාව ආරම්භ කිරිමෙන් කොයියෝ ස්තී‍්‍රවාදි දේවධාර්මික කියවීමකට අවශ්‍ය ගැඹුරු පදනමක් ඇති කරනවා. ඇත්තෙන්ම කි‍්‍රස්තියානිය පිළිබඳ කිතු තුමා හා මරියතුමිය පිළිබඳ අවබෝධයක් නොමැති පාඨකයෙකුට කොයියෝ මතු කරන ඇතැම් ගැඹුරු විදාරණයන් අතපසු වීම වලක්වන්න බෑ. ( ගැඹුරු කි‍්‍රස්තියානි අවලෝකනයකට මේ පොත මඟ පාදනවා කිව්වම මෙය කියවා බලන සම්ප‍්‍රදායික කිතුනුවෙකු මෙය තනිකරම ලිංගිකත්වය දක්වන කුනුහරුප පොතක් ලෙස හඳුන්වනු නොඅනුමානයි. කොයියෝ ම තම හැඳින් වීමේ තමාගේ පාඨකයින් පවා මේ පොත නිසා අවුලකට පත් විය හැකි බව කියනවා.)

කොයියෝ තම කතා නායිකාව වන ගණිකාවට දෙන නම මරියා”. මරියා කි‍්‍රස්තු ජීවිතය හා තදින් බැඳුණු ස්තී‍්‍ර චරිත කීපයකම නම. පළමු වැන්නි ජේසු තුමාගේ මව. දෙවැන්නි මරිය මග්දලේනා. මර්තා හා මරියා තෙවැන්නි.

කොයියෝ තුන්වැනි පිටුවේ දක්වන පව්කාර ස්තී‍්‍රය මෙන්ම ගල් ගැසිමට ගෙනා ආ පව්කාර ස්තී‍්‍රය වෙත ජේසු තුමන් දැක් වු ආකල්පය තුළංන් මේ කතාව ගොඩනගන බව පෙනී යනවා. ඒ වගේම පව් නොමැතිව පිළිසිඳුණු බව කි‍්‍රස්තියානින් විශ්වාස කරන මරිය මව්තුමියව මේ කතාවට සම්බන්ධ කර ගන්නවා.

ගණිකාවක් වන මරියා විසින් තමාට විටින් විට ආලෝකයක් සපයන ගැහැණියක් ගැන මේ කතාවේ දක්වනවා. ඇය කව්ද කියලා කොයියෝ සඳහන් කරන්නේ නෑ. නමුත් ස්තී‍්‍ර වර්ගයාට මග පෙන්වන ආලෝකමත් තැනැත්තියක් ලෙස මතු කරනවා.

ඇය මරිය කන්‍යාතුමිය නැතිනම් යේසුස් වහන්සේගේ මවට සමාන වුණා. ඇගේ අසලින් සිටි ඒ නොපෙනෙන ගැහැණිය සමඟ සිනාසුනා. එම ගැහැණිය ඇය සමඟ පෙරලා සිනාසි ඇයට පරිස්සම් වන ලෙසත් දේවල් ඇය සිතා සිටින තරම් පහසු නොවන බවත් කිව්වා.....

එම නොපෙනන ගැහැණිය නැවතත් පැවසුවේ දේවල් සිතන තරම් සරල ඒවා නොවන බවයි.

මරියා ඒ හඬට පිටුපානවා. ඇය ඒ අනතුරු ඇඟවීම ගණන් ගන්නේ නෑ. ඇට ඒ හඬට එකඟ නොවන්නට බොහෝ කරුණු තිබෙනවා.

කිතුනුවන් හැම දෙයක්ම දේව කැමැත්තකියා කියනවා. නමුත් මෙතනදි දේව කැමැත්ත වෙනුවට කොයියෝ මරියාගේ මුවගින් මරිය තුමියගේ සැලසුමකියා ප‍්‍රකාශ කරනවා.

හදිසියේම ඇය මහත් උනන්දුවෙන් බලා සිටි ඒත් ඇය කවදාවත් සිදු නොවේ යැයි බලාපොරොත්තු වුණු අවස්ථාව උදාවුණා. ඇය නොදන්න ජීවිතයක අභියෝග අවදානම්වලට කෙසේ මුහුණ දෙන්නද? ඇය කෙසේ නම් පසුගිය පුරුදු දැ අමතක කර දමා යන්නද ? ඇයි මරිය තුමිය මෙච්චර දුරක් සැලසුම් කළේ ?

නමුත් ගණිකාවක් බිහිවීම මරියාවන්ගේ සැලසුමක් නෙවෙයි. පවත්නා සමාජ ආර්ථීක ක‍්‍රමයේ දුෂ්ට සැලැස්මක්. ව්‍යාපාරික සැලැස්මක්. දේව කැමැත්ත ගැහැණිය භාණ්ඩයක් වීම වැලැක්වීමයි. පවතින ක‍්‍රමයේ දක්ෂතාවය තමයි තම සැලසුම දේව සැලසුමක් සේ ඒත්තු ගැන්වීම. පොතේ මුල සඳහන් කරන ජේසු තුමන් තම පාද කඳුළින් දෝවනය කරන පව්කාර ස්තී‍්‍රයට සමාව දෙන්නේ ඇය ක‍්‍රමයේ ගොදුරක් නිසා. මරියාම ටික කලකට පසු තමා ආ මාවත දේව තේරිමක්  නොවන බව වටහා ගන්නවා. මරියාගේ කි‍්‍රස්තියානිය කොයියෝ තනිකරම සම්බන්ධ කරන්නේ මරිය තුමිය එක්ක. මේ ඊට තවත් නිදසුන් කීපයක්.


‘‘ඉන් පසු එළඹි නව වන සිකුරාදා දින ඇගේ ආගමේ සිරිතට අනුව සත්ප‍්‍රසාදය මංගල්‍යයට සහභාගි වී මරිය තුමියගෙන් ඉල්ලා සිටියා ඇයව කොහෝ හෝ ඈතකට අරන් යන ලෙසස්වර්ගයේ ජිවත්වන මරිය තුමියට පොඩි දරුවන්ගේ යාච්ඥාවන්ට ඇහුම්කන් දෙන්න වේලාවක් නෑ. මේ එකම එක රාතී‍්‍රය, මුදල් නිසැකවම ආපසු හැරෙන්නට නොහැකි මාර්ගයකට ඇයව අවතීර්ණ කරාවිද මොකක්ද ? මේ සිදුවමින් තිබුනේ. මහඟු අවස්ථාවක් ද ? නැත්නම් මරිය තුමි ඇය ගැන කරන පරික්ෂාවක්ද ?

කොයියෝ තම ප‍්‍රබන්ධය තුළ අප කලින් කි ලෙස ප‍්‍රබල අයුරින් කි‍්‍රස්තියානියේ ස්තී‍්‍රවාදි කියවීමක් කරනවා. ඔහුගේ පියොද්රා ගඟ අසබඩ  සිට වැලපුණිනව කතාව තුළත් මේ ලක්ෂණය දැකිය හැකිය.

ඇත්තටම කොයියෝ ගේ මෙම නවකතාව මගින් ව්‍යාජ විශාල විෂය ක්ෂෙත‍්‍රයක් වෙත අපව රැගෙන යනවා. අපි පරිච්ඡෙදයකින් දෙකකින් කතාන්දරයක් ලෙස කියවන පව්කාර ස්තී‍්‍රය පිළිබඳ ජේසුගේ දැක්ම නුතන රූපය හඳුනා ගැනිමට අවශ්‍ය සමාජ විශ්ලේෂණාත්මක, මනෝ විශ්ලේෂණාත්මක, ජීව විශ්ලේෂණාත්මක, ලිංගික විශ්ලේෂණාත්මක පැතිකඩ කොයියෝ මරියාගේ කතා බහ, සිතුම් පැතුම් හා සටහන් තුළින් මතු කරනවා.

බොහෝ ගණිකාවන්ට කුමන විදිහක හරි ආගමික විශ්වාසටක් තිබුණා. ඉතිං ඒ අය ගරු කටයුතු පල්ලිවලට වගේම පූජාවන්වටත් සහභාගි වුණා. යාච්ඥා කළා ඒ අයගේ දෙවියන් හමුවුණා.

පසු ධනවාදයේ නරුමත්වය

පාවුලෝ කොයියෝගේ ඇතැම් කෘති මෙන්ම මාරියෝ වර්ගාස් යෝසාගේ විසේකාරි වැනි කෘති සෝවියට් රුසියානු සාහිත්‍ය කෘති සමඟ සසඳමින් ලතින් ඇමරිකානු සාහිත්‍ය අවරගනයේ කාමුක සාහිත්‍ය ප‍්‍රවණතාවයක් යැයි ඇතැම් ලාංකිය විචාරකයින්ද අදහස් ප‍්‍රකාශ කරනු දැකිය හැකිය.

මිනිත්තු එකොළහ ගැන තව දුරටත් ලිවිමට පෙර ඒ ගැන යමක් පැවැසිය යුතු යැයි සිතමු. නව ලතින් ඇමරිකානු සාහිත්‍ය පැරණි රුසියන් සාහිත්‍ය සමඟ සැසඳීම එතරම් සාධාරණ නොවේ. රුසියන් සාහිත්‍ය වැඩවසම් අගතිය ධනවාදයේ මුල් කාලය හා ළදරු සමාජවාදයේ ආශ්වාදය සමඟ බැඳුනක්. එහි ඇති විශිෂ්ඨතා අවිවාදිතයි. නමුත් ධනවාදයේ පසුකාලය තුළ ඇති වු නරුම විගලිතභාවය එහි චරිත තුළ සටහන්වන්නේ ඉතා අඩුවෙන්.

ලතින් ඇමරිකානු සාහිත්‍ය ගෝලිය වෙළඳපල ධනවාදයේ දෙවන යුගයේ නරුම පරාරෝපණය මත පදනම් වෙනවා. ඒවායේ ඇතැම් චරිත නරුමවාදි බවක් ගන්නවා. ලිංගික සා පිපාසයෙන් පෙළනවා. රුසියානු සාහිත්‍යයේ චරිත සමඟ සැසඳුවාම අපිට මේ චරිතවලට ආදරය කරන්න අමාරුයි. නමුත් යථාර්ථය එයයි. පසු ධනවාදයේ නරුමත්වය බිහිකර ඇති යථාර්ථය එහෙම නෙවෙයිද? අතිශය ආත්මාර්ථකාමියි. ප‍්‍රයෝජ්‍ය වටිනාකම පමණයි. උපයෝගිතවාදියි. සමාජය තියා පවුලවත් වැදගත් නෑ තමාම පමණයි. ලිංගිකත්වය මූලික වසඟය බවට පත්වෙලා.

කොයියෝ මිනිත්තු එකළොහේ කථාවේ ගොඩනංවන මරියාව තේරුම්ගන්න ඉහත කී අවබෝධය වැදගත්. ඉතිං දැන් අපි මිනිත්තු එකොළහේ කථාවට නැවත යොමු වෙමු.

මරියා තම නිදහස පූර්ණත්වය ආර්ථික ශක්තිය සොයාගෙන විදෙස් ගත වෙන්නට තීරණය කරනවා. ඒ ගමනට ඇයව පොළඹවන්නේ පවතින සමාජ ක‍්‍රමය නිසා ඈ තුළ ඇති වු හිස්කම. එහෙමත් නැත්නම් තමාව සොයා ගැනිමට බැරිකම.

මේ ක‍්‍රමය තුළ හැම දෙයක්ම ගිවිසුමක්... ක‍්‍රමයට සියලූ දෙනා බැඳ තබා ගන්නේ ගිවිසුම් මඟින්. ඒ ගිවිසුම් වල අවසාන හරය දේපල නැත්නම් ධනය. මරියා නියෝජිතයෙක් මඟින් ගිවිසුමකට බැඳෙනවා නමුත් ඇය දන්නේ නෑ එහි බරපතල කම.

සියල්ල ඉතා හොඳින් ඉටු වී තිබුණා. ඒත් ලබන සතියේ යන එක වෙනම කාරණාවක්. පවුලේ අයගෙන් ඒ ගැන විමසන්නට පෙර තීරණයක් ගත නොහැකි බව ඇය පැහැදිලි කළා. ස්වීස් ජාතිකයා කෝපයට පත්ව අත්සන් යෙදු ගිවිසුමේ කොපියක් ඇයට පෙන්නුවා. ඒ මොහොතේ පළමු වතාවට ඇගේ සිතට බියක් දැනුණා. ( පිටුව 30 )

දෙවියන්ට පිටුපා දෙවියන් යැදිම

මිනිස්සු සතුට මුදල් වස්තුව සොයාගෙන අවදානම් ගමන්වල යන ගමන් අනිත් අතින් ආරක්ෂාව දෙවියන්ගෙන් පතනවා. දෙවියන් කියන මාර්ගයට පිටුපාලා යමින් දේව වරප‍්‍රසාද ඉල්ලනවා. මේ ක‍්‍රමය තුළ පූර්ණත්වය ඉල්ලන හැම කෙනාම අඩු වැඩි වශයෙන් කරන්නේ ඒ දේ. මරියා විදෙස් ගත වීමට පෙර ඇගේ සාප්පුකාර පෙම්වතා ඇයට ආරක්ෂාව පතනවා.

‘‘ඔව් මට ආරංචි වුණා. ප‍්‍රංශ ප‍්‍රසංග සංවිධායකයෙක් ඔයාව පැරිසියට එක්කන් යන්න ඇවිල්ල තියෙනවා කියලා. ඔයාගේ සතුට හොයාගෙන යන ගමනට මට ඔයාට බාධා කරන්න  බැහැ. ඒත් මට ඔයා යන්න කලින් කියන්න දෙයක් තියෙනවා.

ඔහු පදක්කමක් එල්ලපු මාලයක් සාක්කුවෙන් එළියට ගත්තා.

...මේක අපේ දෙව්මව් තුමියගේ හාස්කම් තියෙන පදක්කමක්. ඇගේ පල්ලියක් ප‍්‍රංශයේ තියෙනවා. ඔයා එහේ ගිහින් ආරක්ෂාව ඉල්ලලා ඇයට යාඥා කරන්න. බලන්න මරියතුමි වටේ කැටයම් කරලා තියෙන අකුරු දිහා,

මරියා ඒක කියෙව්වා, පාපයක් නොමැතිව පිළිසිඳගත් මරිය තුමියනි ඔබ වෙත පැමිනෙණ අප වෙනුවෙන් යාච්ඥා කරනු මැනවි ආමෙන්...

මෙහිදි සාප්පුකාර පෙම්වතා මරියා යන රට ප‍්‍රංශය කියලයි කියන්නේ. ඒත් මරියා යන්නේ ස්වීස්ටර්ලන්තයට. නමුත් මරියා ඒක නිවැරදි කරන්නේ නෑ. මේ ක‍්‍රමය තුල බොහෝ දේ වැරදියට කියනවා. නමුත් නිවැරදි කරන්නේ නෑ. නිවැරදි කිරිම ක‍්‍රමයට අදාළ දෙයක් නෙවෙයි.
මේ ක‍්‍රමය තුළ පවතින්නේ නිරුවත් ගනුදෙනු පමණයි.

‘‘මට ඊයේ සල්ලි ලැබුණා. ඒ පොරොන්දු වුනු ගාණින් දහයෙන් පංගුවක් විතරයි.‘‘ (පිටුව 58)

වෙළඳ පොල ධනවාදය තුල සියලූ ශුද්ධ වු වස්තු කෙලසෙනවා. ආගම පවා ද්විතියයි. මුදල බලය ඉදිරියට මුදල ධනය ප‍්‍රාථමිකයි. ඒ නිසා ඇත්ත ආගම මුදලයි කියන එක පිළිගන්න වෙනවා.

අරාබි පෙම්වතා හැරුනු විට වෙනත් තැනක් ඇයට තිබුණේ නෑ. ඇගේ නොමියෙන ආදරය ප‍්‍රකාශ කරලා අමුතුම ආකාරයේ හිසේ බඳින ලේන්සුව පැළඳිමට සිදු වුණත් ඔහුගේ ආගමට හැරිලා ඔහුව කසාද බැඳිය යුතු යැයි ඇය කල්පනා කළා. මේ ඔක්කොටම වඩා හැමෝම දන්න විදිහට අරාබි කාරයෝ සෑහෙන්න පෝසත් ඒ ඇති.

කොහොම වුණත් ඒ අරාබිකාරයා ඒ වෙන කොටත් බොහොම දුර ගිහිල්ලා හිටියා. මරියා හදපත්ලෙන්ම මරිය තුමියට ස්තූති වන්ත වුණා. ඇගේ ආගම පවා දෙන්න සිදු නොවිම ගැන.     
     
ජීවිතයේ හැබැ ගැඹුරු වටිනාකම නොසලකා දිගින් දිගටම ගනුදෙනුමය වටිනාකම ගැන පමණක් කොතරම් ධෛර්යයකින් යුතුව පෙනී සිටින්න උත්සහ කළත් එය දියවි යන බව දැනෙන මොහොතක් එනවා. එවිට දැනෙන වේදනාව කලකිරිම අසහනය මී විතක් ගෙන වලකා ගන්න හිතුවත් එයත් යම් මොහොතක කඩා වැටෙනවා.

නමුත් යථාර්ථය ඈ ඉදිරියට නැඟී සිටියා. අරාබිකාරයා විශ්මයට පත් කරවමින් ඇය හඬන්නට වුණා.

‘‘එපා ඒක කරන්න එපා. මට තව වයින් ටිකක් වත් කරන්න. මට ටිකක් අඬන්න දෙන්න‘‘ ( පිටුව 53 )

මරියා තමාගේ ජීවිතයේ ප‍්‍රථම වතාවට මුදලට තමාව අලවිකරන්නට තීරණයක් ගන්න කරන මානසික අරගලය කොයියෝ ඉතා ප‍්‍රබලව ඉදිරිපත් කරනවා. බිලියන ගණනක් මිනිස්සු අතර එක් ගැහැණියක් ගේ අභ්‍යන්තර අරගලය ඉදිරිපත් කරනවා. වෙලඳ පොල ආර්ථිකය තුල මිනිසෙක්ගේ සිහින ඒවාට ඇති මිල අපේක්ෂාභංගත්වය අනෙක් අතින් ආදරය හෘද සාක්ෂියට වදදෙන කුමක් හෝ ඇදහිල්ලක්.

‘‘ආදරය කියන්නේ කිසිම සැකයකින් තොරවම එක මොහොතකින් මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඒත් කාසියේ අනෙක් පැත්තක් තියෙනවා. ඒක ඔහු හෝ ඇය සැලසුම් කරගෙන හිටපු විදිහ සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් එකක්. ඒකට කියන්නේ අපේක්ෂාභංගත්වය කියලා. ඔව් ආදරය කෙනෙක් සම්පුර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. ඒත් අපේක්ෂාභංගත්වය ඊට වඩා ඉක්මනින් ඒක සිදු කරනවා. ඇය කුමක් කළ යුතුද? වහාම බ‍්‍රසිලයට ගොස් ප‍්‍රංශ ගුරුවරයෙක් වෙලා පැරණි හාම්පුතා විවාහ කරගත යුතු ද? මේ එකම එක රාතී‍්‍රය මුදල්, නියතවම ආපසු හැරෙන්නට නොහැකි මාවතකට ඇයව අවතීර්ණ කරාවිද? මොකක්ද මේ සිදුවෙමින් තිබුණේ. මහඟු අවස්ථාවක්ද? නැත්නම් මරිය තුමිය ඇය ගැන කරන පරික්ෂාවක්ද?  

( පිටුව 53 )

මරියාගේම ආත්ම කථන, මරියාගේ දිනපොතේ ඇය තබන සටහන් තුළින් කොයියෝ ජීවිතයේ අභ්‍යන්තරය මතුපිටට ගන්නේ නිර්දය හා නිර්භය ලෙසයි. මිනිත්තු එකොළහේ කථාව තුළ ජිවිතය සොයා යාමට නම් කියවන්නා තුළද  තමා ගැන නිර්භය හා නිර්දය ආත්ම සෝදිසියක් තිබිම වඩා වැදගත්.

මරියා ගණිකාවක්  බවට පත් වෙනවා. ඒ අවස්ථාව කොයියෝ මරියාගේ සිතුවිලි තුළ ගොනු කරන්නේ ප‍්‍රබල ආකාරයට.

නැවතත් ඇය ඇයටම හඳුනාගත නොහැකි තැනත්තියක් බවට පත් වි සිටියා. ඒ වන තෙක් ඇය ඉතා පියකරු පී‍්‍රතිමත් යුවතියක් ලෙස දිවි ගෙව්වා. අමුත්තකු ඉදිරිපිට මෙවැනි දෙයක් ඇය කවදාවත් කියලා තිබුණේත් නැහැ. ඇයට හැඟුණ විදිහට ඒ ගෑනු ළමයා එක් බීමක් සඳහා ෆ්‍රෑන්ක් දහක් ජාතයන්තර මුදලකින් කියනවානම් ඩොලර් හයසියයක් වැනි මුදලක් තුළ සඳහටම මියගොස් සිටියා. ( පිටුව 54 )

මිය යාම කියන්නේ වරදකාරි හැඟිම නැති විමට. එතැන් සිට තමාව සාධාරණිකරණය කරගන්නවා. අන් අය දිහා බලලා හිත හදාගන්නවා. මම ගොදුරු වෙලා නෑ කියලා හිතනවා.

‘‘මම පොඞ්ඩක්වත් මං ගැන දුක් වෙන්නේ නෑ. මම තාමත් ඒකේ ගොදුරක් නෙමෙයි. මොකද මගේ ගෞවරය කිසිදු හානියක් නොකරගෙන, පසුම්බිය හිස්ව මට ඒ අවන් හලෙන් එළියට යන්න තිබුණා. මට පුළුවන්කම තිබුණා මගේ ඉස්සරහින් වාඩිවෙලා හිටපු මනුස්සයට සදාචාරය ගැන පාඩමක් උගන්වන්න. මට පුළුවන්කම තිබුණා. එයාට පෙන්වන්න එයාගේ ඉස්සරහින් වාඩි වෙලා ඉන්නේ ඔහු විසින් ආදරය යැදිය යුතු කුමාරිකාවක් මිසක් මිලදි ගන්න පුළුවන් ගැහැණියක් නොවන බව. මේ ඕනැම විදිහකට මට ප‍්‍රතිචාර දන්වන්න පුළුවන්කම තිබුණා. ඒත් අනෙක් බොහෝ පුද්ගලයෝ වගේ මගේ මාර්ගය තෝරා දෙන්නට මම දෛවයට ඉඩදුන්නා. 

( පිටුව 56)

ගැඹුරුම දුප්පත්කම තුළ ගණිකාවන් බවට පත්වෙන්නන් හා පවතින වෙළඳ පොළ ආර්ථිකය තුළ ගොඩනංවා තිබෙන ජීවිතය හඹා යාම නිසා ගණිකාවක් වෙන අය අතර විශාල පරතරයක් තිබෙනවා.  කොයියෝ මරියාගේ චරිතය තුල ඉස්මතු කරන්නේ දෙවැනි වර්ගය. අද අපේ සමාජයේ වැඩි වශයෙන් සිටින්නේ ඒ අයයි.

මේ නිසාම තමයි මේ කථාව පසු  ධනවාදයේ නරුමත්වය ගැඹුරු විගලිතභාවය පිළිබිඹු කරන්නක් ලෙසද හැඳින්වුයේ.


මහින්ද නාමල් විසිනි.



උපුටා ගැනීම් - මිනිත්තු එකොළහේ කතාව
පරිවර්තනය - රුවිනි තල්පාවිල

            

මාසික සිනමා දැක්ම 24 - "ROMERO"


Friday, March 18, 2016

පේ‍්‍රමයේ රාජ්‍යය ගොඩනැගිය හැකියි



පේ‍්‍රමයේ රාජ්‍යයක් ගොඩනැගිය හැකිය යන්න අප පිළිගත්, අප අදහන සත්‍යයි. ඒ සත්‍ය තුළ ස්ථිරසාරව සිටින්නට අපට ආලෝකය සපයන්නේ ගැලවීමේ ඉතිහාසය හා ශුද්ධ ලියවිල්ලයි.

පේ‍්‍රමයේ රාජ්‍ය සඳහා මූලික පියවරක් වන්නේ සමාජය තුල දේව සාධාරණත්ව ඉටු කිරිමයි. දේව සාධාරණත්වය ඉටු කරන මිනිසුන් බවට පත් වීමයි.

ක‍්‍රිස්තුස් වහන්සගේ පේ‍්‍රමයේ පනිවුඩයට පේ‍්‍රමයේ පැවැත්මට පෙරමඟ සූදානම් ක ස්නාවක ජුවාම් තුමා ඉතා බරපතල ආකාරයට අවධාරය කළේ එකි දේව සාධාරණත්වය හා දේව යුක්තිය සමාජය තුළ ඉටු කිරිමේ අවශ්‍යතාවයයි.

අඳන දෙකක් ඇති අය නැති අයට දෙත්වා, කෑම ඇති අය කෑම නැති අයට දෙත්වා, කිසිවෙකුගෙන් බලහත්කාරයෙන්වත්, බොරු චෝදනා නැගීමෙන්වත් කිසිවක් පැහැර නොගන්න. නියමිත පමණට වැඩියෙන් බදු අය නොකරන්න

පේ‍්‍රමයේ පැවැත්මෙන් ලබන විමුක්ති මඟ දැකිමේ පළමු පියවර වන්නේ ඉහතින් සඳහන් කල සාධාරණත්වය යුක්තිය ක‍්‍රියාවට නැංවීමයි.

සියලූ කඳුරැළි පුරවනු ලැබේ. සියලූ කඳුහෙල් සමතලා කරනු ලැබේ. සියලූ වංගු ඇද හරිනු ලැබේ. රළු මාවත් මට්ටම් කරනු ලැබේ

මේ ව්‍යාංගර්ථවත් බසින් පවසන්නේ දේව සාධාරණත්වය ය. සමාජයේ පවතින ආර්ථික විෂමතාවයන් නිම කොට සාධාරණත්වය, යුක්තිය සමානතාවය ගොඩනැගීමයි.

මෙහිදි අඳනා දෙකක් ඇති අය නැති අයට දේවා යන ප‍්‍රකාශය හුදෙක් ඇඳුමක් තව කෙනෙකුට දීම පිළිබඳ කාරණාවක් නොවන බව අප වටහාගත යුතුය. එය දයාවේ කි‍්‍රයාවක් නොවේ. එය සාධාරණයේ ක‍්‍රියාවකි. සිත් හෑරිමකි. වැරැුද්දක් නිවැරදි කිරිමකි.

කෙනෙකුට දෙකක් තිබෙන්නේ (වැඩිපුර තිබෙන්නේ) තව කෙනෙකුට එකක් අහිමි වීම නිසාය. හෙවත් තව කෙනෙකුගේ දෙයක් අයිතිකර  ගැනීම නිසාය. අඳනා දෙකක් ඇති අයකු අනෙකාට දෙත්වා යනු අයිතිය ආපසු දීමකි.

අද ලෝකය තුළ කුසගින්නේ දහස් ගණන් මැරෙන්නේ ආහාර නැති නිසා නොවේ. දහස් ගණනකට ප‍්‍රමාණවත් ආහාර අපතේ හරින නිසා හා පිරිසකගේ අධිපරිභෝජනය නිසාය. දේව සාධාරණත්වය දේව යුක්තිය ඉටු කිරිමෙන් පේ‍්‍රමයේ රාජයයක් බිහිකරගත හැකිය.

2016 ජනවාරි - පෙබරවාරි

දේශීය සංස්කෘතිය විනාශ වුණේ බ‍්‍රා එකකින්ද?


ස්පාඤ්ඤ සංගීතකරු එන්රික් ඉග්ලේෂියස්ගේ ප‍්‍රසංගයේදී සිදු වූ ක‍්‍රියාවන් දෙකක් නිසා ජනාධිපතිතුමන්ද, බුද්ධ ශාසන ඇමතිතුමන්ද, ගුවන් හමුදාව තුළද විවිධ ප‍්‍රතිවිරෝධතා මතුවී ඇති බව පෙනේ. අපට සංගීතය පිළිබදව ඉතා පැහැදිලි විග‍්‍රහයක් ඇති අතර, එය තීරණය වන්නේ ආනන්දය හා ප‍්‍රඥාව අතරය. එන්රික් ඉග්ලේෂියස් වැනි වේග රිද්මයේ අරුත්සුන් සංගීතකරුවන් දෙස අප බලන්නේ ඒ අස්ථානයේ සිට බැවින් අප එයට විරුද්ධ නැතත් එකද නැති බව මුලින් කිව යුතුය.

ඇත්තෙන්ම එන්රික්ගේ සංගීත ප‍්‍රසංගයේදී සිදු වූ දේ පිළිබදව ජනාධිපතිතුමන් ප‍්‍රකාශ කළේ අප රටේ සංස්කෘතිය, සභ්‍යත්වය හා සදාචාරය විනාශවන බවයි. එහෙයින් මෙවැනි දේ සංවිධානය කරනාවුන්ටත්, රු. 50,000 වැනි අධික මුදලකට ටිකට් රැගෙන ගොස් මේවා බලනවුන්ටත් මඩු වලිගයෙන් තැළිය යුතු බවයි.

ඉන් නොනැවතී බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා කියා තිබුණේ මින් පසු මෙවැනි ප‍්‍රසංග සදහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අනුමැතිය ගත යුතු බවයි. එලෙසින්ම මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ගුවන් හමුදාව තුළ එහි සාමාජිකයන්ට Facebook වලට පිවිසීම තහනම් කරනු ලැබුවේද මෙම ප‍්‍රසංගය නිසාය. ප‍්‍රසංගය තුළ සිදු වූයේ කිසියම් අයෙක් මෙම ගායකයා දෙසට තනපටක් විසිකිරීමත්, තරුණියක් වේදිකාවට ගොඩවී මෙම ගායකයාට හාදු දීමත්ය. මෙම තනපට අයිති කාටද යන්න නිශ්චිත මාධ්‍ය වාර්තා පළ නොවුනත්, හාදු දීමට සම්බන්ධ බව පැවසුණේ ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල මහතාගේ දියණිය බවයි.

කෙසේ වෙතත්, තනපටක් හෙවත් බ‍්‍රා එකක් නිසා අපගේ සංස්කෘතියට, සදාචාරයට හා සභ්‍යත්වයට ඒ තරම් බරපතල හානියක් සිදු වූයේද යන්නත්, සැබෑ ලෙසම අපගේ සංස්කෘතියට හෝ සභ්‍යත්වයට හානි වූ අවස්ථා කුමක්ද යන්නත් අප මෙහිදී සැලකිලිමත් විය යුතුව තිබේ. එහිදී මුලින්ම සංස්කෘතිය යනු කුමක්ද යන්න වටහා ගත යුතුය.

සංස් කෘත යන වදන තුළ ඇත අදහස වන්නේ සැකසූ ක‍්‍රියාව යන්නයි. පුරාණ බෞද්ධ දර්ශනයට අනුවද සංස්කාර යනු සකස් වීමට ලක්වන සියල්ලයි. පවතින තත්ත්වයෙන් වඩා දියුණු තත්ත්වයන්ට සැකසෙමින් ආ මානව සමාජය එදාට වඩා ශිෂ්ඨාචාර සම්පන්න විය යුතු බව සත්‍යයකි.  එහෙයින් ඉහත අර්ථය අනුව අතීතයේ ඉතා උදාර සංස්කෘතියක් තිබුණා යැයි කියමින් නොසිට වත්මනේ වඩා සාධනීය තැනකට මිනිසා ඒම අවශ්‍ය වුවත්, ඒ දියුණු මානසිකත්වය හෙවත් මනුස්සකමට වඩා තිරිසන් මෘගත්වයකට රට තල්ලූ වෙමින් තිබෙන බව රට තුළ සිදුවන බොහෝ ක‍්‍රියාදාමයන් විසින් පෙන්නුම් කර අවසානය.

ඇත්තටම ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය ඓතිහාසිකව පෝෂණය වූයේ බුදු දහම පදනම් කර ගනිමිනි. එහෙයින් අප මහින්දාගමනය සැළකිය යුතු වන්නේ පැවතුන තත්ත්වයට වඩා මානුෂීය, මෛත‍්‍රී සහගත, ශිෂ්ඨාචාර සම්පන්න රටකට අවැසි බොහෝ දේ  ඒ සමග රට තුළට සපැමිණි බවයි. එමෙන්ම දියුණු මිනිසත්කම සදහා අවැසි ගුණ ධර්මයන් වන ඉවසීම, සමාව දීම, සාධාරණව සැළකීම, සමානාත්මතාවය, අන්මතවලට ගරු කිරීම හා වෙනස්කම් පිළිගැනීමද ඒ අතර වෙයි.

නමුත් මෑත ඉතිහාසය තුළ සිදු වූයේ කුමක්ද? ඒ උදාර සංස්කෘතික දායාදයන් සියල්ල වළලා දමමින්, අප දරුණු ගණයේ යුද්ධයකට අවතීර්ණ වීමයි. එම යුද්ධය විසින් අපගේ උදාර වූ සංස්කෘතික උරුමයන් සුණු විසුණු කළ තරම, සභ්‍යත්වය හා සදාචාරය විනාශ කළ තරම අප ඇති පදමට අත්දුටුවෙමු. අවසානයේදී යුද්ධය අවසාන බව කියූ මොහොතේ පටන් මළකදන් මත ඉ කිරිබත් කා, කොඩි ලෙළවා, පෙළපාලි යෑම තුළ අප අපගේ මෘගත්වය මොනවට කියා පෑවෙමු. ඉතින් ඒ මොහොතේ සංස්කෘතිය, සදාචාරය තිබුණේ කොහේද? අඩුම තරමින් තනපටයකින් විනාශ වීමටවත් සංස්කෘතියක් අපට පවත්වාගත හැකි වුණිද?

අනෙක් අතට තොග සහ සිල්ලරට රට තුළ කුඩු සංස්කෘතියක් ඇති වී තිබෙන බව අප අවිවාදයෙන් පිළිගත යුතුය. මෙම කුඩු ගෙන්වනවුන් විනාශ කළේ නිර්මාණශීලී, තරුණ පරපුරක හෙට දවස පමණක් නොව අපගේ මනුස්සකමද ඔවුන් විනාශ කළහ. රට තුළ එම කුඩු සල්ලි උත්කර්ශයට නැංවූහ. එම මුදල් පල්ලි, පන්සල්වලට පමණක් නොව පාර්ලිමේන්තුවද ග‍්‍රහණයට ගැනීම තුළ අපගේ සභ්‍යත්වය, සදාචාරය තිබුණේ කොහේද?

සේයා සදෙව්මි වැනි සුන්දර මල් කැකුළු වන් දරු දැරියන් දස වද දී, අතවර කර මරා දමන විට අපගේ සභ්‍යත්වය හා සදාචාරයට සිදු වූයේ කුමක්ද? එමෙන්ම පුංචිම පුංචි ප‍්‍රශ්න වලදී ඉවසන්න බැරිව, සමාව දීමට නොහැකිව මාරාන්තික ලෙස ප‍්‍රචණ්ඩ පිළිතුරු සොයමින් අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, මිතුරා, මිතුරිය මරා දමන ඛේදවාචකයන් සුවහසක් ඉදිරියේ අපගේ සංස්කෘතිය තිබුණේ කොහේද?
               
ඉතින් මොහොතක් නැවතී සිතිය යුතුව තිබේ. තනපටකට වඩා මාරාන්තික විනාශයක් අපගේ සංස්කෘතියට, සභ්‍යත්වයට, සදාචාරයට අත් වූයේ අප රටෙන් පිටස්තර බලවේග වලින් නොවේ. අපගේම අදූරදර්ශී, අමානුෂික හා කුහකභාවයන් නිසාමය. ඉතා අවංකව අප කල්පනා කරමු නම් අපට වැරදුණ තැන් අපට සොයා ගත හැක. එවිට අපට වඩා උදාර මිනිසුන් ලෙස ගෞරවාන්විතව හා ඉවසීමෙන්එකිනෙකා තේරුම් ගැනීමෙන් වඩා දියුණු රස වින්දනයකට සමාජය ගොඩනැගිය හැක. එසේ නොවේ නම් හෙට දවසේ සිදුවීම් මීට වඩා මාරාන්තික ලෙස සංස්කෘතිය පමණක් නොව අපවද විනාශ කරනු ඇත.

2016 ජනවාරි - බරවාරි

                

ටෙනිස් තරුව - ලී නා LI NA




රෙජමේන්තුගත චීන කොමියුනිස්ට් පාලනයට අභියෝග කළ  
ටෙනිස් තරුව ලී නා LI NA

චීනය ඔවුන්ගේ ආර්ථික දේශපාලනික සංස්කෘතික හා සමාජීය සංවර්ධනය වෙනුවෙන් දැඩි රෙජමේන්තුගත පාලනයක් පවත්වාගෙන යනු ලබන බව පැහැදිලි සත්‍යයකි. ඔවුන්ගේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දුගී දුප්පත් ශ‍්‍රමිකයින් මිලියන ගණනක් සොච්චම් වැටුපකට සූරා කෑමට ලක් වන්නාහ. බොහෝ විදෙස් සමාගම් රාශියක් ලාභදායී ශ‍්‍රමය සොයා චීනයට ඇදෙන අතර, එයට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීමට චීන රජය කිසිවිට පසුබට නොවේ. එම ආර්ථික සංවර්ධනය ඉදිරියේ පාරිසරික විනාශය ද වායු ¥ෂණය ද ඉතා ඉහළ යමින් තිබේ.
එලෙසින්ම ලෝකය තුළ බොහෝ ජනතාව පරිහරණය කරන අන්තර්ජාල පහසුකම් චීන කොමියුනිස්ට් යැයි කියා ගන්නා රජයේ දැඩි උදහසට ලක් වී ඇති අතර බොහෝමයක් වෙබ් අඩවි වලට පිවිසීම සපුරා තහනම්ය. රජය විවේචනය වන අයුරින් කිසිවක් අන්තර්ජාලය තුළ පළ කිරීමද සපුරා තහනම් වෙයි. මේ සැම මෙන්ම ක‍්‍රීඩා ලෝකය තුළ රන් පදක්කම් හඹා යෑමේ අමානුෂික තර`ගකාරිත්වයද කථා නොකරම බැරිය. 

පසුගිය ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ඇමරිකාව ප‍්‍රමුඛයා වුවද අවසානය තෙක් එම අවස්ථාව රැඳී තිබුණේ චීනයේ දෑ`ගිලි මතය. ලෝක බලවතා වීමේ සිහිනයෙන් පෙළෙන රටවල් අතර චීනයද මේ වන විට පෙරමුණේ සිටින හෙයින් ක‍්‍රීඩාවෙන්ද ලෝක බලවතා වීමට චීනය ගන්නා උත්සාහය සුළු පටු නැත. එම උත්සාහය එක් අතකින් ශෝචනීයය. අනෙක් අතට ජුගුප්සාජනකය. අවු. 4-5 වයසේදී දරුවන් ජිම්නාස්ටික් ක‍්‍රීඩාවට ඩැහැ ගැනීමක් සිදුවන අතර ඔවුන් දඩයම් කිරීමේ මෙහෙය වනුයේ චීන කොමියුනිස්ට් ආණ්ඩුවට අයත් ක‍්‍රීඩා පාසැල්ය. යම් හෙයකින් එලෙස ක‍්‍රීඩා පාසැල ස`දහා තෝරා ගන්නා ළමයෙකුගේ ළමා කාලය එතැනින්ම අහවරය. ඔවුන්ට දෙමව්පියන් අහිමිය. නිවෙස අහිමිය.  ඕනෑම ශාරීරික වද වේදනාවක් දරා ගත යුතුය.
චීනය තුළ ඔලිම්පික් පෙරළිකාරියක් වූ පිහිනුම් ක‍්‍රීඩිකා යේ ෂිවෙන් ගේ මව මෙලෙස කීවාය. අධික වෙහෙසක් හා අනුකම්පා විරහිත පුහුණුවීම් අතරතුර එක් දිනක් ඇය අපට කථා කළා. නමුත් අපට කියන්නට කිසිවක් ඇයට තිබුණේ නැහැ. ඇය කළේ ඒ කාලය පුරාම දුරකථනයෙන් අ`ඩපු එකයි.
කුඩා දරුවන්ගේ ක‍්‍රීඩා පුහුණුවීම් පිළිබ`දව කථා කරන විට ලී නා නම් වූ අපගේ කථා නායිකාව පිළිබ`දවද කීමට ඇත්තේ තවත් එක් අනුවේදනීය කථාන්දරයකි. 1982 පෙබරවාරි 26 චීනයේ වූහාන් නම් ග‍්‍රාමයේ උපත ලද ලී නා කුඩා කායේ සිටම බැඩ්මින්ටන් ක‍්‍රීඩාවට ඇළුම් කළේ ඇගේ පියාද බැඩ්මින්ටන් ශූරයෙකු වූ නිසාමය. ලී නාට යම්තම් අවු. 5 ක් පිරෙනවාත් සම`ගම වූහාන් කනිටු විදුහලේ ගුරුවරු දෙදෙනෙකු සම`ග කොමිනිස්ට් බලධාරින් රොත්තක් ඇගේ පියා හමුවීමට ආහ. ලී නා ටෙනිස් ක‍්‍රීඩිකාවක් ලෙස ජීවිතයේ ඉදිරියට යෑම ස`දහා ඇය රැගෙන යෑමට පැමිණි බව කී ඔවුන් ඇයව කාන්තා නේවාසිකාගාරය වෙත යැවීමට ක‍්‍රියා කළහ. මුවේ කිරි සුව`ද පවා නොගිය මේ සි`ගිත්තිය තම දෙමව්පියන්ට මුණ ගැසීමට ඉඩක් ලැබුණේ සතියකට එක් වතාවක් පමණි. සතියේ දින 5 ක් ක‍්‍රීඩා පුහුණුවීම් එක දිගට යොදා තිබුණි. මව්පිය සෙනෙහස අහිමි වීම බරපතල හා වෙහෙසකර පුහුණුවීම් නිසාම ටෙනිස් ක‍්‍රීඩාව කෙරෙහි මහත් අපුලක් ලී නාට දැනෙන්නට විය. නමුත් කළ හැකි අන් කිසිවක්ද නොවූ තැන ඇය රොබෝ කෙනෙකු මෙන් ටෙනිස් පුහුණුවීම් වල යෙදුණාය.
 
ළමුන්ට සරිලන ටෙනිස් පිති එහි නොවිනි. එහෙයින් කුඩා ලී නාට ද සිදු වූයේ වැඩිහිටියන්ගේ රැකට් වලින් පුහුණු වීමටය. ඒ නිසා ඇගේ දෑතේ කරගැට මතු විය. පහසුකම් සහිත ක‍්‍රීඩා තීරු නොවූයෙන් බොහෝ විට බිම වැටී ඇයට තුවාල සිදු විය. එවන් තුවාල ඇගේ දණහිස් මත සුලබ විය. ඇගේ පුහුණුකරු වූයේ යූ ලිකියෝය. කොතරම් හො`දින් ක‍්‍රීඩා කළත් ඔහු ලීනාගේ හො`දක් දුටුවේම නැත. ඔහු ඉතා සැරපරුෂ පුද්ගලයෙකු විය. මෙවන් දැඩි හා අමානුෂික පුහුණුවීම් ඔස්සේ පැමිණි ලීනා වයස අවු. 14 වන විට ටෙනිස් වලින් නමක් දිනා සිටි බව සත්‍යයකි. 

නමුත් දකුණු චීනයේ ටෙනිස් තර`ගාවලියකට සහභාගි වී සිටියදී තම පියා හෘදයාබාධයකින් මිය ගිය පුවත පවා බලධාරීන් ඇගෙන් වසන් කළේ තර`ගාවලිය පරාද විය හැකියයි සිතූ හෙයිනි. ඇය තර`ගාවලිය ජයගත් පසු ඔවුන් එය ඇයට කිව්වද ඒ වන විට තම ආදරණීය පියාගේ මළගමට සහභාගි වීමේ අවස්ථාව පවා ඇයට අහිමි ව තිබිණි. ආදරය හා මානුෂීය හැ`ගීම් නොහ`දුනන කොමියුනිස්ට් පාලකයින් විසින් පවත්වාගෙන යනු ලබන දැවැන්ත ක‍්‍රීඩා යන්ත‍්‍රයේ කුඩා ඇණයක් බවට ඇය පත්ව ඇතැයි ඇයට හැ`ගුනේ එදාය. කෙසේ වෙතත් වයස අවු. 18 සපිරෙත්ම චීනයේ අංක එකේ ටෙනිස් ක‍්‍රීඩිකාව ලෙස ලී නා නම් කෙරෙන අතර එතැන් පටන් ජාත්‍යන්තර තර`ගාවලින්ට සහභාගි වීමට නොම`දව අවස්ථාව ලැබිණි. 2000 වසර තුළ පමණක් ජාත්‍යන්තර ටෙනිස් ෆෙඩරේෂණය සංවිධානය කළ කේවල තර`52 ක්ම ජය ගැනීමට ලී නා සමත් වූවාය. නමුත් අසනීප අවස්ථාවක පවා තර`ගාවලියෙන් මිදීමට ඇයට කිසිදු ඉඩක් බලධාරීන් විසින් ලබා නොදුන් නිසා ඇය වි`දි පීඩාව අපමණය. එවන් අවස්ථාවලදී ඇය කොමිනියුස්ට් බලධාරින්ට අභියෝග කළාය. මිශ‍්‍ර ද්විත්ව තර`ගාවලියේ ඇයගේ හවුල්කාර ක‍්‍රීඩකයා වූයේ මේ වන විට ඇගේ සැමියා වූ ජියැන් ෂාන්ය. 

නමුත් බලධාරින් මොවුන් දෙදෙනා පෙම්වතුන්ව සිටි සමයේ ඔවුන් වෙන් කිරීමට දැරූ උත්සාහයටද ඇය අභියෝග කළාය. බලධාරින්ගේ මුහුණටම ඇය කීවේ අපි ලේ මස් නහර හා හැ`ගීම් සහිත මිනිස්සු මිසක උඹලාගේ දාම් ලෑල්ලේ එහා මෙහා ඇදෙන ඉත්තන් නොවේ. ඒ නිසා අපිට එකට සෙල්ලම් කරන්න ඉඩ දෙන්නේ නැතිනම් අපි නියත වශයෙන්ම ප‍්‍රාන්ත කණ්ඩායමෙන් ඉවත් වෙනවා. කියාය. එසේ කියා තම ටෙනිස් පිත්ත හා ක‍්‍රීඩා හැ`දුනුම්පත ආපසු බලධාරින්ට භාර දුන්නා පමණක් නොව ජාතික කණ්ඩායමෙන් හා ප‍්‍රාන්ත කණ්ඩායමෙන් ඉවත් වන බව දන්වා ලිපියක්ද දුන්නාය. එය පාලනාධිකාරිය වෙත එල්ල කළ බලවත් අතුල් පහරක් විය. ඉන්පසු තම පෙම්වතා සම`ග වූහාන් විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක් දිනා ගත් ලී නාට නැවත 2004 දී ජාතික ක‍්‍රීඩා බලධාරින්ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන් කියා සිටියේ ඔබ කැමති ආකාරයට නිදහසේ ටෙනිස් ක‍්‍රීඩා කිරීමට අවකාශය දෙන්න අපි සූදානම් නොපමාව ජාතික කණ්ඩායමට ඇතුළු වන ලෙසය. ජාතික කණ්ඩායමේ අනෙක් ක‍්‍රීඩිකාවන් සම`ග සස`දන විට ලී නා යනු බැටළුවන් අතර සිටින උස් කොන්දක් සහිත ඔටු දෙනක් බව ජාතික පුවත්පත් ඇගේ ඍජු භාවය පැසසුමට ලක් කළේය.
බීජිං ඔලිම්පික් උළෙලේ අවසාන තර`ගයට තේරී පත් වූ ඇය රුසියානු ක‍්‍රීඩිකාව අභියස පරාජයට පත් වූවාය.  ඕනෑම ජාත්‍යන්තර තර`ගයකින් පසුව මාධ්‍ය අභියස තම අදහස් ප‍්‍රකාශ කිරීම සියළු චීන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සපුරා තහනම් වූ අතර ඔවුන් කිව යුතු වූයේ “චීනය ශ්‍රේෂ්ඨයි. මව්බිමට ජයවේවා. යන්න පමණි. නමුත් ඇය ඉංග‍්‍රීසි බසින් නිදහසේ අදහස් ප‍්‍රකාශ කළේ මෙම නීති රීති තුට්ටුවකටවත් මායිම් නොකරමිනි.

කුඩා කළ සිටම ඇයව ටෙනිස් ක‍්‍රීඩාව ස`දහා සූදානම් කළ මව්බිම හා චීන කොමියුනිස්ට් ආණ්ඩුව ගැන ප‍්‍රශංසා මුඛයෙන් කථා නොකිරීම ඇගේ බරපතල දුර්වලකමකැයි කියූ හා ලියූ මාධ්‍යවේදීන්ට ඇය කීවේ මෙවන් දෙයකි.  තර`ග දිනීමෙන් පසු අපට ලැබෙන ත්‍යාග මුදලින් 8% ක් පමණක් ක‍්‍රීඩකයන්ට ලබා දෙන එමෙන්ම මාගේ පියාගේ මළගමටවත් සහභාගි වීමට ඉඩ නොදුන් ආයතනයක ගුණ වනන්න මම සූදානම් නැහැ. රජයේ රූකඩයක් වීම මා තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. එහි ප‍්‍රතිඵලයක් වූයේ 2008 බීජිං ඔලිම්පික් උළෙලින් පසු ඇය නැවත ජාතික කණ්ඩායමෙන් ඉවත් වීමයි. එසේ ඉවත් වන විට ඇගේ වත්කම්වලින් 65 ක්ම රාජසන්තක කිරීමට චීන කොමියුනිස්ට් රජය කටයුතු කළේය.

- ජූඩ් ්‍රේමන්
2016 ජනවාරි - බරවාරි