Showing posts with label කාලීන. Show all posts
Showing posts with label කාලීන. Show all posts

Friday, March 18, 2016

කඳුරට කඳුළු...

දමිළ ජනතාව රට තුළ ජාතියක් ලෙස තවදුරටත් අසාධාරණයට ලක් වේ. ආයුධ යුද්ධයට පෙරත් පසුවත් ජනසංහාරය විවිධ අන්දමින් සිදු වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව විවිධ සංවිධාන වාර්තා ඉදිරිපත් කළා පමණක් නොව, උතුරු පළාත් සභාව සිදු වූ ජන සංහාරය පිළිබව ජාත්‍යන්තර මැදිහත්වීමෙන් විභාග කළ යුතුයැයි යෝජනාව සම්මත කර ගත්තේය.

චැනල් ෆෝ හරහා එළිදරව් කරන ලද සාක්ෂි හා සැටලයිට් මගින් ලබාගත් තොරතුරු අනුවද ජනසංහාරය සිදු වුණ බවට සාක්ෂි ඇත.

එමෙන්ම අතුරුදහන් කරන ලද පුද්ගලයන් පිළිබ, ස්වේච්ඡාවෙන් භාර වූ අය පිළිබව සොයා බැලීමට ද කොමිසම පිහිටුවා ඒ පිළිබව විභාග පවත්වයි.

යහපාලන ආණ්ඩුව සිදු වූවා යැයි කියන ලද වංචා පිළිබව පැමිණිලි ලබා ගැනීමටද, ඒ පිළිබව විභාග කිරීමට ද කොමිසම පිහිටුවා තිබේ.

එමෙන්ම දේශපාලන විසඳුම සහා ගමන් කිරීමට පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් කර ගැනීමට අගමැතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී යෝජනා කර ඇත.

ඉහත සහන් සියල්ල උතුරු නැගෙනහිර ප‍්‍රදේශයෙහි දමිළ ජනතාවට එරෙහිව සිදු වුණ දේ පිළිබව සොයා බැලීමට හා ඒ සහා දේශපාලනික විසඳුම ඉදිරිපත් කිරීම සහා දරන්නා වූ වෑයමක් වේ.

නමුත් යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දරණ ඳුරට දෙමළ ප‍්‍රජාවගේ දේශපාලන නායකයෙක් අපගේ ප‍්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යා යුතු බව ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කළේය. එම ප‍්‍රකාශන ආණ්ඩුව කෙරෙහි බිඳ වැටුණා වූ විශ්වාසයේ වේදනාත්මක හක් විය හැකිය.

මෑතකදී කළුතර කොබවැල වතුයායේ සිද්ධියෙන් එහි වෙසෙන්නා වූ දමිළ ජනතාව කොයිතරම් බියෙන් ජීවත්ව සිටින්ේදැයි සිතිය හැකිය. අවුරුදු දෙකකට පෙර රත්නපුර ප‍්‍රදේශයෙහි හමුදා සොල්දාදුවෙකුට දමිළ තරුණයෙක් “සර්” කියා ආමන්ත‍්‍රණය නොකිරීම හේතුවෙන් එම ප‍්‍රදේශයේ දමිළ ජනතාවගේ ලයිම් කාමරද තනි ගෙවල්ද සිංහල තරුණයන් විසින් ගිනිබත් කළේය. මහා ජාති චින්තනයෙන් මර්දනය ව්‍යාප්ත වේ.

තවද වතු කම්කරුවන්ගේ වැටුප් ගිවිසුම මාස 10 ක් ගත වීත් අද වන තුරු අත්සන් තබා නැත. 2016 අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වෙලාවේදී මුදල් ඇමතිතුමා කඳුරට ජනතාවට නිවාස සෑදීමට රු. කෝටි 1000 ක් වෙන් කළා යැයි පැවසුවාට එවන් මුදලක් නොමැති බව අගමැතිතුමා කඳුරට දේශපාලන නායකයන්ට කියා ඇත. එම දේශපාලනික නායකයන් තමන්ගේ දේශපාලනික උවමනාවන් මත එය ජනතාවට එළි නොකර වසන් කරයි.

ඳුරට ජනතාව නිදහසට පෙර හා පසුවත් රාජ්‍ය යන්ත‍්‍රණය විසින් හා පටු දේශපාලනික ජාතිවාදී සිතුවිල්ලෙන් සිදු කෙරෙන අප‍්‍රකට රහසිගත ජනසංහාරයට මුහුණ දෙති. ඒ හේතුවෙන් 1948 දී 14.8% දමිළ ජනතාව මේ වන විට 4.3% ක් ලෙස අඩු වී ඇත. 1981 දී 497,995 ක් වූ කම්කරුවන් 2013 වන විට 193,412 දක්වා අඩු වී ඇත. ක`දුරට දෙමළ 

ජනතාවට එරෙහිව නිදහස් ශ‍්‍රී ලංකාවෙහි කරන ලද ජනසංහාරය .....
            ක`දුරට ජනතාවගේ ප‍්‍රජා අයිතිය උදුරා ගැනීම
            ක`දුරට ජනතාවගේ ඡුන්ද අයිතිය උදුරා ගැනීම
සිරිමා - ශාස්ත‍්‍රී ගිවිසුම සහ සිරිමා - ඉන්දිරා ගිවිසුම (ක`දුරට ජනතාවගේ කැමැත්තෙන් තොරව ජන කොටසක් ලංකාවට අයිති කරගන්නටත්, තව ජන පිරිසක් ඉන්දියාව විසින් බාර ගැනීමට කරන ලද ගිවිසුම)
ඉඩම් ප‍්‍රතිසංස්කරණ පණත යටතේ වතු ඉඩම් රජයට පවරා ගැනීම හා සමහර වතුවල පදිංචි වී සිටි අය බලහත්කාරයෙන් පළවා හැරීම
`දුරට ප‍්‍රදේශයෙහි සැලසුම් සහගතව සිංහල ජනතාවට ඉඩම් බෙදා දීම
            වතු සමාගම් 24කට පැවරීම
            ජාතිවාදී කෝලහල
තමා දෙවැනි ගණයේ ප‍්‍රජාවන් බව සිතන්නා වූ පසුබිම සකස් කිරීම
            ක`දුරට හා වතු ප‍්‍රජාව දුප්පත්කමින් තබා ගැනීම
`දුරට ප‍්‍රදේශයේ විරැකියා ප‍්‍රදේශය ලෙස සදහටම තබා ගැනීම
            
`දුරට හා වතුකරයේ තරුණ තරුණියන් ස්වේච්ඡාවෙන් එම ප‍්‍රදේශයෙන් ඉවත් වීම ස`දහා පසුබිම සකස් කිරීම
            
නාගරික සංස්කෘතිය ක`දුරටෙහි හා විශේෂයෙන් වතු ආශ‍්‍රිත ප‍්‍රදේශවල ව්‍යප්ත වීමට ඉඩ සැලසීම
            මත්පැන් හා මත්ද්‍රව්‍ය විශාල වශයෙන් එම ප‍්‍රදේශයේ බෙදා හැරීම
            ජාතිවාදී හා ආගම්වාදී විහාරස්ථාන හා බුදු පිළිම ඉදි කිරීම
            ජන අනුපාතය අනුව රැකියාවන්ට බ`දවා නොගැනීම
            රජයේ කාර්යාලවල දමිළ භාෂාවට සුදුසු තැන නොදීම
වතු කම්කරු ජනතාව වහල් සේවකයන් මෙන් තබා ගැනීමට කටයුතු සැලසීම
වතු කම්කරුවන් ආර්ථිකව ශක්තිමත් නොවීම ස`දහා නිවස ස`දහා පමණක් ඉඩම ලබා දීම
ඉඩම් ප‍්‍රතිපත්තියක් නොමැතිව දේශපාලඥයන්ට වුවමනා පරිදි ඉඩම් ලබා දීම
ව්‍යවස්ථාවෙන් ආරක්ෂාව ලබා නොදීම
යනාදිය සමහර නිදසුන් වේ.
මේ හේතුවෙන් ක`දුරට ප‍්‍රදේශවල හා වතුකරයේ තරුණ තරුණියන් උගතුන් තම ආරක්ෂාව ස`දහා එම ප‍්‍රදේශයෙන් වෙනත් ප‍්‍රදේශවලට  සංක‍්‍රමණය වේ. විශේෂයෙන් වන්නි ප‍්‍රදේශයට හා ඉන්දියාවටද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තල්ලූ වී ඇත.
මෙම හේතූන් මත ක`දුරටට අයිති කලාව, ආගමික සංස්කෘතිය සමාජ සංස්කෘතිය විනාශ වී ඇත. මෙම විනාශය ආයුධ යුද්ධයෙන් සිදු වූ විනාශයට වඩා භයානකය. මෙවන් විනාශය ඉදිරියටත් ක‍්‍රියාත්මක කිරීම ස`දහා ධනවාදී පාලකයෝ සූක්ෂ්ම ලෙස පිඹුරුපත් සකස් කරමින් සිටිති.
`දුරට දේශපාලන නායකයන් වරප‍්‍රසාද හා තනතුරු බලාපොරොත්තුවෙන් නිහව සිටිති. උතුරු නැගෙනහිර දේශපාලඥයන් විවිධ කණ්ඩායම්වලට කැඩී ගොස් තම තමන්ගේ ආරක්ෂක පවුරු තර කිරීම ස`දහා විවිධ උපාය මාර්ගයන් සැලසුම් කරති.
මෙවන් මොහොතක පටු දේශපාලනික අරමුණෙන් තොරව සමාජ සංවිධාන හා සිවිල් ව්‍යාපාර එකතු වී මේ වෙනුවෙන් පෙනී සිටියහොත් ක`දුරට සිදුවන්නා වූ ජනසංහාරය නැවැත්වීමට හැකියාව ලැබෙන බව සහතිකය. සිදුවන්නා වූ ජනසංහාරය වළක්වා ගැනීම ස`දහා මෙම සමාජ බලවේගය කරුණු ඒකරාශි කරමින් රජයට ඉදිරිපත් කිරීම හරහා විස`දුම් සෙවිය යුතුය.

සත්‍යවේල් පියතුමා

දයාවේ වසර අර්ථවත්වීමට නම්....




ප‍්‍රැන්සිස් පාප් වහන්සේ 2015 දෙසැම්බර් 08 සිට 2016 නොවැම්බර් 20 දක්වා කාලය දයාවේ වසර ලෙස නම් කර ඇත. මේ බව එතුමා ප‍්‍රකාශ කර ඇති දයාවේ වතනැමැති ආඥා පත‍්‍රයේ දයාවේ වසරේ අරමුණු හා එයින් අපේක්ෂා කරන කරුණු පැහැදිලි කර ඇත. අදාළ වසර තුළ ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන  ක‍්‍රියාකාරකම් තුළ සමගි වීමේ ප‍්‍රසාද නිධානය වැනි වත් පිළිවෙත් හා කිතුනු විශ්වාසය හා ඉගැන්වීම මත පදනම් වූ ක‍්‍රියාකාරකම් යනාදිය අඩංගුය. බොහෝ විට මෙවැනි ක‍්‍රියාකාරකම්වලදී ජනවන්දනාමය වත්පිළිවෙත් ක‍්‍රියාත්මක කිරීම වඩා හොඳින් සිදු වූවත් සමාජමය ක‍්‍රියාකාරකම් අතපසු කිරීම බොහෝ විට සිදුවන්නේය. එබැවින් මෙම ලිපියේ අරමුණ දයාවේ වසරේදී පාප්වහන්සේගේ ලියවිල්ල මත පදනම්ව විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා සමාජය තුළ ක‍්‍රියාත්මක කිරීමට යොමු විය යුතු දයාව මුල් කරගත් ක‍්‍රියාකාරකම් වෙත අවධානය යොමු කිරීම ය.

පාප්වහන්සේ ගීතාවලියේ 146 ගීතය උපුටා දක්වමින් උන්වහන්සේගේ ලියවිල්ලේ මෙසේ පවසයි. 

 සමිඳාණෝ පීඩා විදින්නන්ට යුක්තිය ඉටුකර දෙන සේක. සාගිනි වූවන්ට ආහාර දෙන සේක. එතුමාණෝ සිරකරුවන් මුදන සේක. අන්ධයන්ගේ ඇස් පහදන සේක. වැටී ගියවුන් නගා සිටුවන සේක. සමිදාණෝ දමිටුවූවන්ට පේ‍්‍රම කරන සේක. විදේශීන් ආරක්ෂා කරන සේක. අනාථයින්ට හා වැන්දඹුවන්ට උපකාර කරන සේක. එහෙත් දුදනාගේ යෝජනා සුන් කරන සේක. (146: 7-9) 

එලෙසම ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ගමේ සිනගෝගයේ කරන ලද පළමු දේශනාව සදහා පදනම් කරගත් ඉසයියස් දිවැසිවරයාගේ පොතේ 61 වන පරිච්දයෙන් පාප් වහන්සේ උපුටා දක්වයි.  

ස්වාමීන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසාද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස් උන්වහන්සේ මා ආලේප කළ සේක. වහලූන්ට මිදීම ද, අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්, ස්වාමීන් වහන්සේගේ ප‍්‍රසාදය ලත් වසර ප‍්‍රකාශ කරන්ටත් මා එවා වදාළ සේක (ඉසයියස් 61:1) 

පාප්වහන්සේ එසේ උපුටා දක්වමින් පවසනුයේ අප දයාවේ වසර ලෙස හදුනා ගත යුතු වනුයේ ජේසු ස්වාමීන් වහන්සේ පවසන “ස්වාමීන් වහන්සේගේ ප‍්‍රසාදය (හෙවත් දයාව) ලත් වසරලෙස බවය. එම නිසා දුප්පතුනට සැනසීම ද, නූතන සමාජයේ නව මාදිලියේ වහල්කම්වලට ගොදුරු වූවනට නිදහස ද, තමන් තුළම ආත්මාර්ථකාමී ලෙස සිරගත වී සිටින්නන්ට නිවැරදි දැක්ම ද, මනුෂ්‍ය අභිමානය තමන්ගෙන් පැහැර ගත්ත වූවන් හට මනුෂ්‍යත්වයේ උදාරත්වය ද දයාවේ වසරේදී ගෙන ආ යුතු බව උන්වහන්සේ පවසයි.

තව දුරටත් එතුමා මෙම වසරේ චතාරික සමය ගැන කතා කරමින් ඉසයියස් 58 වන පරිච්ඡේදය මෙසේ උපුටා දක්වයි.  

මට ප‍්‍රිය මනාප උපවාසය මෙය වේ. දුෂ්ඨකමේ විලංගු මුදා හැර, අයුක්තියේ බැඳුම් ලිහා හැර, පීඩිතයන් නිදහස් කර හැර, සියළු වියගස් බිද දැමීමය. සාගින්නෙන් පෙළෙන අය සමග ආහාර බෙදා ගැනීමද, ගේ දොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැවීමද, ඇදුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීමද සැබෑ මිතුරන් මග නොහැර යුතුකම් ඉටු කිරීමද නියම උපවාසය වේ. එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදාවී ඉක්මනින් නුඹලාට සුව සෙත ගෙනදේවි..... සාගිනි ඇත්තාට අනුකම්පා කර අසරණයන් තෘප්තියට පමුණුවන්නාහු නම් නුඹේ අඳුර එළිය වන්නේය... (58: 6-11)

පාප්වහන්සේගේ ලියවිල්ලේ අංක 15 කිතුනුවන්ට ආරාධනා කරනුයේ වර්තමාන සමාජය විසින් දිනෙන් දින මනුෂ්‍ය සමාජයේ මායිමට තල්ලූ කර දමන පීඩිතයන් වෙත ඔවුන්ගේ හදවත් විවෘත කරන ලෙසය. පොහොසතුන්ගේ අසාධාරණකම් නිසා පීඩාවට පත්වන තමන් වෙනුවෙන් කිසිදු කටහක් නැති මිනිස් දූ පුතුන්ගේ අවාසනාවන්ත ඉරණම ගැන අපගේ අවධානය යොමු කරන ලෙස පාප්තුමා ඉල්ලා සිටියි. කතෝලික සභාවක් ලෙස මෙම පීඩිතයන් ගැන කිසිදු අවධානයකින් තොරව ඒකාකාරී රටාවකට හසු වී සභාවේ වැඩකටයුතු ගැන පමණක් වෙහෙස මහන්සි වී සභා රාමුවෙන් පිටත වෙත අවධානය යොමු නොකර සිටීමේ වරදට මෙම වසරේදී හසු නොවන ලෙස එතුමා අනතුරු අගවයි.

අපගේ ඇස් ඇර ලෝකයේ ඇති කාලකණ්ණිකම දැක ගනිමු. මනුෂ්‍යත්වයේ ගරුත්වය අහිමි වූ අපගේ සොයුරු සොයුරියන්ගේ තුවාළ දැක ගනිමු. ඔවුන් උදව් ඉල්ලා කරන අනාවන්ට සවන් දීමට අපට බල කර ඇත. අපගේ සහෝදරත්වය, ඔවුන් සමග ජීවිතයට මුහුණ දීම, අපගේ මිත‍්‍රත්වය, ඔවුන්ට දැනෙන අයුරින් ඔවුනට සහය වීමට අපි ඔවුන් වෙත ළගා වෙමු. අපගේ කුහකත්වය හා ආත්මාර්ථකාමීත්වය වසං කරන වෙස් මුහුණු කඩා බිද දමා ඔවුන්ගේ අනාව අපගේද අනාව බවට පත් කර ගන්නට අපට හැකිවේවා. (පරිවර්තනය ලියුම්කරු විසිනි.)

මෙම ජුබිලි වසරේදී ශාරීරික හා ආත්මික පුණ්‍ය ක‍්‍රියා වඩ වඩා කරන්නට කිතුනුවන්ට පාප්වහන්සේ ආරාධනා කරයි. ශාරීරික පුණ්‍ය ක‍්‍රියා නම් කරමින් එතුමා ආරාධනා කරනුයේ සාගිනි වූවන්ට ආහාර දෙන්නටයි. පිපාසිත වූවන්ගේ පිපාසය සංසිඳුවන්නටයි. නිර්වස්ත‍්‍ර සිටින්නන්ට වස්ත‍්‍ර දානය කරන්නටයි. අමුත්තන් පිළිගන්නටයි. රෝගී වූවන් සුවපත් කරන්නටයි. සිරගත වූවන් බැහැදකින්නටයි. මළවුන් භූමදාන කරන්නටයි. එලෙසම ආත්මික පුණ්‍ය ක‍්‍රියාද එතුමා නම් කරයි. එතුමා අවසාන විනිශ්චය (මතෙව් 25  31- 45) ගැන සදහන් කරමින් ස්වාමින් වහන්සේගේ වචනය මතක් කරනු ලබයි. තවද ලක්ෂ ගණන් ජනතාව ජීවත් වන නොදැනුවත්කමේ අන්ධකාරයෙන්ද, දිළිදුකමේ වහල් බැම්මෙන් මිදෙන්නට අත්‍යවශ්‍ය මාර්ග අහිමි කර ඇති විශේෂයෙන් කුඩා දරුවන් වෙතද, අපගේ අවධානය යොමු කරන ලෙස එතුමා ඉල්ලා සිටියි.  

ජේසුස් වහන්සේගේ මාංශය වදහිංසාවලට ලක් වූවන්, තැළෙන පොඩිවෙන අයවලූන්, මන්දපෝෂිත වූවන් හා සරණාගතවූවන් තුළ විද්‍යාමාන වේ.(පරිවර්තනය ලියුම්කරු විසිනි.)

එතුමාගේ ලියවිල්ලේ අංක 19 හි එතුමා වංචා දූෂණවල යෙදී සිටින්නන්ට ආරාධනා කරන්නේ දුප්පතුන්ගෙත් දුප්පතුන්ව තව තවත් අසරණභාවයට පත් කරන වංචා දූෂණවලින් නිදහස් වන ලෙසය. වංචාව හා දූෂණය දෙවියන්වහන්සේගේ තත්ත්වයට මුදල ඔසවා, මුදලේ බලය ගැන විශ්වාසය තබන්නට මනුෂ්‍යයා යොමු කරවයි. මෙය සෑම මනුෂ්‍යයෙක්ම පාපයට ඇද දමන බරපතල දුර්පරීක්ෂාවකි. සෑම දූෂණයක්ම, වංචාවක්ම ප‍්‍රතික්ෂේප කරන කිතුනුවන් වන්නට එතුමා අපට ආරාධනා කරයි.

අංක 23 තුළ එතුමා අපගෙන් ඉල්ලා සිටිනුයේ ජුදා ආගම, ඉස්ලාම් ධර්මය ඇතුළු සියලූම ආගම් සමග සංවාදයන් ගොඩනගා පවත්වාගෙන යන ලෙසයි.එමගින් එකිනෙකා ගැන අවබෝධයද, එකිනෙකාට අගෞරව කිරීමෙන් හා තමන්ට පමණක් සීමා වූ මානසිකත්වයෙන් මිදී ආගම නාමයෙන් කරන්නාවූ හිංසාවෙන් හා අසාධාරණ ලෙස සැලකීමෙන් ඉවත්වන්නට මනුෂ්‍යයාට හැකිවනු ඇති බව එතුමාගේ අපේක්ෂාවයි.

ශ‍්‍රී ලංකා සමාජය වංචා දූෂණවලින් ඉහවහා ගොස් ඇත. එය සංස්කෘතියක් බවට පත්ව ඇත. දේශපාලකයන් හා සමහර නිළධාරීන් වංචා දූෂණයේ යෙදීම අරභයා මුල් තැන ගනිති. කතෝලික සභාවද තමන්ට අවශ්‍ය විවිධ වරප‍්‍රසාද, පහසුකම් ලබා ගැනීම සදහා මෙවැනි වංචා දූෂණ ඉදිරියේ මුනිවත රකිති. වංචා දූෂණ ප‍්‍රතික්ෂේප කිරීමේ පැහැදිලි ස්ථාවරයක් කතෝලික සභාව ගන්නේ නැත. එහෙත් පාප්වහන්සේ මෙම ලියවිල්ල මගින් වංචා දූෂණයේ යෙදෙන්නන් අමතා ඔවුන් මනුෂ්‍ය සංහතියට වෙසෙසින්ම දුප්පතුන්ට එරෙහිව කරන පාපය ගැන සහන් කර ඇත. එබැවින් වංචා දූෂණයේ යෙදෙන දේශපාලකයන්ගෙන් උදව් පදව් ලබා ගන්නවාට වඩා එම වංචා දූෂණ හෙළිදරව් කරමින් ඒවා ප‍්‍රතික්ෂේප කරන ස්ථාවරයට කතෝලික සභාව ආ යුතුව ඇත.

පාප්වහන්සේ  මෙම ආඥා පත‍්‍රයේ අන්තර් ආගමික සංවාදය ගැනද අප අවධානය යොමු කරයි. ශ‍්‍රී ලංකාව බහු ආගමික රටකි. එහෙත් බොහෝ විට ආගම් අදහන්නන් අතර සුහදතාවයට වඩා තරකාරීත්වයක් දකින්නට ඇත. ප‍්‍රතිමා යුද්ධ මීට කදිම උදාහරණයකි. ලෝක මට්ටමින් සිදුවන මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්ත ක‍්‍රියාවන් නිසා මුස්ලිම් සමාජය කෙරෙහි වෛරී ආකල්පයන් සමහර කිතුනුවන් තුළ ගොඩනැගී ඇත. මුස්ලිම් අන්තවාදය ද බිහි වීමට ඇමරිකාව වැනි කිතුනු රටවල පාලකයන් හේතු වූ බව අපි අමතක කළ යුතු නැත. ඇමරිකාව ඉරාකය සුණු විසුණු කළේ අසත්‍ය හේතු කාරණා ඉදිරිපත් කරමින් තම දේශපාලන හා ආර්ථික අරමුණු ඉටුකර ගැනීමටය. ජෝජ් බුෂ් ඇතුළු සමහර කිතුනුවෝ එය අර්ථකථනය කළේ දේව කැමැත්ත ලෙසය. මෙවැනි ගැටුම්වලදී කතෝලික සභාව සතුරාට පේ‍්‍රම කරවයන ජේසු වදන කිසිසේත් අමතක කළ යුතු නැත. එම නිසා එකට එක කිරීම හෝ කතෝලිකයන් තුළ වෛරී ආකල්ප මුස්ලිමානුවනට එරෙහිව ගොඩනැගීම නොව මැදහත් මුස්ලිම් බැතිමතුන් සමග බුද්ධිමත් අධ්‍යාත්මික සංවාදයත් ගොඩනැගීමට කතෝලික සභාව මුල්විය යුතුය. බෞද්ධ හා හින්දු සමාජය සමගද එය එසේ විය යුතුය.

පාප්වහන්සේගේ දයාවේ වසර පිළිබද ලියවිල්ලට අනුව පීඩිත ජනතාව වෙත මෙම වසරේ විශේෂ ආකාරයෙන් දයාව දැක්වීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. ශ‍්‍රී ලංකාවේ වෙසෙන කිතුනුවන් ලෙස අප රටේ පීඩිත ජනතාව හඳුනාගෙන ඔවුන් වෙත දයාවේ දෑත් දිගු කරන්නට සැලසුම් සහගතව අපි ක‍්‍රියා කළ යුතුය. ශ‍්‍රී ලාංකික කතෝලික සභාවක් ලෙස මෙම වසරේ පශ්චාත්තාපිත පිළිවෙත්, සුව මෙහෙයන්, වන්දනා ගමන් යනාදී ජනවන්දනාමය ක‍්‍රියාකාරකම් ඉටු කර ඉන් සෑහීමට පත් වීමට අපි කටයුතු කරනවාද? අප රටේ පීඩිත ජනතාව වෙත දයාව දක්වමින් ඔවුන් එම පීඩාවෙන් මුදන්නට සභාවක් ලෙස අප සතු සැලසුම්, ක‍්‍රියාකාරකම් මොනවාද?

තිස් වසරක යුද්ධයෙන් බැට කෑ ජනතාව තවමත් තමන්ගේ අතුරුදහන් වූවන් ගැන සාධාරණ පිළිතුරක් නොමැතිව අසරණ වී සිටිති. යුද්ධයේදී අහිමි වූ තම ඉඩකඩම්, දේපළ නැවත ලබා ගන්නට නොහැකිව තව සමහරු පීඩා විති. අවතැන් වූවන් හට පදිංචි වීමට ඉඩකඩම්, නිවාස නොමැතිව දුක් විඳිති. වසර ගණනාවක් නඩු නොමැතිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන්, දෙමළ වීම නිසාම නිදහස නොලබන දේශපාලන සිරකරුවන් බොහෝය. දේශපාලන විසඳුමක් තවමත් ජාතික ප‍්‍රශ්නයට නොමැතිකමින් ජාතියක් වශයෙන් පීඩා විදිති. මෙම ජනතාවගේ ගැටළු, ප‍්‍රශ්න කෙරෙහි කතෝලික සභාවේ අවධානය යොමු නොවී ඔවුන් විදින විවිධ පීඩාවන්ගෙන් ඔවුන් මුදන්නට සැලසුම් සහගත ක‍්‍රියාදාමයකින් තොරව, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමෙන් තොරව දයාවේ වසර අවසාන වෙයිද?

අප රටේ පීඩිතම කොටස්වන වතු කම්කරුවන්, ගොවියන් හා ධීවරයන් වර්තමානයේ මුහුණ දෙන ප‍්‍රශ්න බොහෝය. වතු කම්කරුවන් ජීවත්වන්නේ අවම පහසුකම් යටතේය. ඔවුන්ටම සතු ඉඩකඩම්, නිවාස නොමැත. ඔවුන්ගේ ළමුන්ට නිසි අධ්‍යාපනයක් නොමැත. ඔවුන්ගේ වැටුප් අරගලයට සාධාරණ විසදුමක් නොමැත. පොහොර සහනාධාරය කප්පාදු කිරීමට එරෙහිව ගොවියා මහපාරට බැස ඇත. වරාය නගරය ව්‍යාපෘතිය නිසා තම රැකියා පමණක් නොව තමන්ගේ ඉඩකඩම්, ගේ දොරවල් පවා අහිමි වේ යැයි බියෙන් ධීවරයෝ පසුවෙති. ගොවියාගේ, ධීවරයාගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ඔවුන් දුප්පත්කමින් එතෙර නොවෙති. අපගේ මව්වරුන්, තරුණ දූපුතුන් මැද පෙරදිග රැුකියාවට ගොස් අපා දුක් විදිති. පාප්වහන්සේ නම් කරන පීඩිතයන්, කටහක් නොමැති වූවන්, පොහොසතුන්ගේ අසාධාරණකම් නිසා කොන් වූවන්, මනුෂ්‍යත්වයේ උදාරත්වය අහිමි වූවන් මොවුන්ය. මොවුන් වෙත දයාව දැක්වීමකින් තොරව ශ‍්‍රී ලාංකික කතෝලික සභාව දයාවේ වසර කෙසේ නම් පසු කරයිද?

වර්තමාන ලෝකය තුළ බහුතරයකට නොපෙනෙන දැඩි ලෙස පීඩා විඳින පීඩිතයෙක් ඇත. ඒ පරිසරයයි. ස්වභාවධර්මයයි. දෙවියන්වහන්සේගේ මැවිල්ලයි. විවිධ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේ මුවාවෙන් පරිසරය මහා පරිමාණයෙන් විනාශ කිරීමට නියමිතය. වරාය නගරය ඊට කදිම උදාහරණයකි. මේ පීඩාවෙන් පෙරළා බැට කන්නේ මුළු මනුෂ්‍ය සංහතියමය. එම නිසා පරිසරය දේව මැවිල්ල මෙන් රැක ගැනීම කෙරෙහි ජනතාව අවදි කිරීමට කතෝලික සභාවට වගකීමක් ඇත. කෙටියෙන්ම කියතොත් මෙම දයාවේ වසරේ පරිසරයට දයාව දක්වන කිතුනුවන් බිහි කළ යුතුය. පාප් වහන්සේද මේ සම්බන්ධයෙන් උන්වහන්සේගේ දැඩි අවධානය යොමු කර ඇත. එබැවින් ශ‍්‍රී ලාංකික සභාවක් ලෙස පරිසරය රකින වැඩ පිළිවෙලක් දියත් කිරීම අත්‍යවශ්‍යයි. ස්වභාව ධර්මය විනාශ කරමින් ක‍්‍රියාත්මක වන සෑම සංවර්ධන ව්‍යාපෘතියකටම කතෝලික සභාව විරුද්ධ විය යුතුය. සභාමය ක‍්‍රියාකාරකම්වලදී පරිසරයට හානිවන කිසිවක් නොකළ යුතුය. පරිසරයට දයාව දක්වන්නට මූලාරම්භයක් සපයන වසරක් බවට මෙම වසර පත්කර ගත යුතුයි.

මෙම දයාවේ ජුබිලි වසර ජනවන්දනාවේ පමණක් සිර නොවේවා. උත්සව කටයුතුවලට පමණක් සීමා නොවේවා. එය වන්දනා ගමන්වලින් එහාට යත්වා. පීඩිතයා සැබෑ ලෙස දයාව අත්දකින වසරක්ම වේවා.