Thursday, March 31, 2016

ඔබ කෙබඳු ගුරුවරයෙක් ද?


කුමාරතුංග මුනිදාස ශුරින් විසින් ලියන ලද ඉගෙනුම ලැබිය යුතු හා ප‍්‍රවේශම් විය යුතු ගුරුවරු පිළිබඳ පහත සටහන ගුරුවරුන්ට ස්වයං සිතමක් සඳහා කදම පිටිවහලකි.

ඉගෙනුම ලැබිය යුතු ගුරුවරයා

1. ඇති ගුණ පෙන්වන, නැති ගුණ නොපෙන්වන අවංක ගුණ ඇති ගුරුවරයා ශික්ෂක නම් වෙයි.

2. විචාරන්නවුන්ගේ අදහස් වර්ධනය කරන ගුරුවරයා කදීම ශික්ෂක වෙයි.

3.  නොදත් දේ දත් අයගෙන් විමසන ගුරුවරයා මානුෂිය ශික්ෂක වෙයි.

4. තම  ශිෂ්‍යයන්ට යා යුතු මග පෙන්වන ගුරුවරුයා ශික්ෂක නායක වෙයි.

5.  නිහතමානි කාර්යක්ෂම ගුරුවරයා ශික්ෂක ආචාර්ය වෙයි.

6. අසුනෙහි වාඩි නොවි දරුවන් වෙත ගොස් උගන්වන ගුරුවරුයා ශික්ෂක වීරයා වෙයි.

ප‍්‍රවේශම් විය යුතු ගුරුවරයා

7. ශිෂ්‍යයාගේ ප‍්‍රශ්නවලට පිළිතුරු නොදි ආසනයට වී ඉන්නා ගුරුවරයා ශික්ෂක දීනයා වෙයි.

8.   ශිෂ්‍යයාගේ විචාර බුද්ධිය සිඳලන ගුරුවරයා ශික්ෂක නිගණ්ඨ වෙයි.

9.  තමාට හිතෙෂි ගිරා පෝතකයන් බිහි කරන ගුරුවරයා ශික්ෂක කීර්තක වෙයි.

10.  ශිෂ්‍යයන් අනතුරකට හෙලන ගුරුවරයා ශික්ෂක පේ‍්‍රතයා වෙයි.

11.  ශිෂ්‍යයන් ආනාචාරයට හෙලන ගුරුවරයා ශික්ෂක තිරශ්චීන වෙයි.

12.  දුරාචාරයට යොමු වු ශිෂයයන් තවදුරටත් දුරාචාරයට යොමු කරවන ගුරුවරයා ශික්ෂක කුම්භාණ්ඩ වෙයි.

13.  ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලොල් වන ගුරුවරයා ශික්ෂක පිසාච නම් වෙයි.

14. අන්‍යන්ගේ දුබලතා පෙන්වා කැපී පෙනෙන්ට උත්සහ කරන ගුරුවරයා ශික්ෂක යාචක වෙයි.

15. තමා ශ්‍රේෂ්ඨ ගුරුවරයා බව පෙන්වා අන්‍යයන් හෙලා දකින ගුරුවරයා ශික්ෂක හා ඛාණ්ඩ වෙයි.

16. ප‍්‍රධානියාගේ ගෞරවය දිනා ගැනීම සඳහා ඔිනැම දීන වැඩක යෙදෙන ගුරුවරයා ශික්ෂක භූතයා වෙයි.

17.  ප‍්‍රධානින් ඉදිරියේ කැප පෙනෙන්නට දගලන ගුරුවරයා ශික්ෂක වසලයා වෙයි.

18. විමසනයෙන් තොර දර්ශනයක් නැති ගුරුවරයා ශික්ෂක වෘෂභ වෙයි.

සුපිරි තරු මාවතේ අතුරුදහන් වන දරුවෝ

ශී‍්‍ර ලංකාවේ පාසල් පද්ධතිය තුළ පවතින විෂමතාවය විසින් සිදුකර ඇති ප‍්‍රධාන අපරාධයක් වන්නේ පාසල් අතර තරගය වෙනුවෙන් ළමුන් ප‍්‍රචාරක ද්‍රව්‍ය බවට පත් කිරිමයි.

අතීතයේ පාසල් තුළ විශේෂ දක්ෂතා සහිත දරුවන් සිටි නමුත් ඔවුන් ප‍්‍රචාරක වාසියට භාවිතා කිරිමක් සිදු නොවුනි.

වර්තමානයේදි  ඕනෑම පාසලකට තම පාසලේ ප‍්‍රතිරූපය නංවා ගැනීම පිණිස සුපිරි තරු ඉස්මතු කර පෙන්වීමට සිදුව තිබේ. එය යහපත් පෙළඹවීමක් සඳහා වන්නකට වඩා හුදු තරගය සඳහා ළමුන් පාවිච්චි කිරිමක් වී තිබේ.

මේ තරගයේ නරුම ප‍්‍රකාශනය වී ඇත්තේ ටියුෂන් ගුරුවරු විසින් ළමුන් තම ප‍්‍රචාරක භාණ්ඩ ලෙස යොදා ගැනීමයි.

ළමා කාර්යංශය හා ළමා අයිතිවාසිකම් පිළිබඳ ක‍්‍රියාකරන සංවිධාන මේ කාරණය ගැන අවධානය යොමු කල යුතු යැයි අපි යෝජනා කරමු.

ළමුන්ව එසේ භාවිතා කිරිම කොතරම් සදාචාරාත්මක ද? ඒ මගින් ළමුන් තුළ (එකි ළමුන් හා අනිත් ළමුන් තුළ) ඇති වන හැඟීම්මනෝභාවයන්ගේ අහිතකර බලපෑම් කවරේ ද, යන්න සිතා බැලීමට කාලය පැමිණ ඇත.

දක්ෂතා හැකියා ලෙස උත්කර්ෂයට නංවන ඉතා සීමිත දක්ෂතා හා හැකියා ප‍්‍රමාණයක් නොවන්නේ ද? ඒ තුළ ම තවත් දරුවන් රැසකගේ ඉස්මතු නොවන, හැකියා දක්ෂතා ගුණ යහපත්කම් අවතක්සේරු නොවන්නේ ද?

පහත ගීතය අවතක්සේරුවට ලක්වන දරුවන්ගේ හඳුනා නොගත් වටිනාකම වෙනුවෙනි.

ඉස්කෝලේ බැනර් එකේ මගේ මූණ නෑ
ටී.වී. එක් ලිට්ල් ස්ටාර් කෙනෙක් වුනෙත් නෑ
ඒ වුනාට ගෙදරට මම රටක් වටිනවා ලූ
මටත් මගේ දෙමව්පියෝ ලොවක් වටිනවා

ශිෂ්‍යත්වේ පාස්වෙන්න ලකුණු ලැබුනේ නෑ
ප‍්‍රයිස් ගිවින් එකේදි මට තෑගි ලැබුනේ නෑ
ජීවිතයට වඩා වටිනා තෑගි තවත් නෑ
දකිනවා නම් ලැබුනු තෑගී ගොඩාක් තියෙනවා

දුවලා පැනලා කප් ගහන්න අනේ බැරිවුනා
රාග තාල වලට සිංදු කියන්නටත් බෑ
ඉස්කෝලේන් පසු හවසට කජු විකුනනවා
කජු විකුනලා මුළු පවුලක් බලා ගන්නවා

සුපුන් සඳක් නොම වුනාට හිතේ දුකක් නෑ
මටත් කියා මගේ එළියක් මටත් තියෙනවා

No comments:

Post a Comment

කිතුසරට එක් කරන ඔබේ ස්වර...